මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මිරිස්සේ නිල්ධජ වෙරළ කලාපයක් හා සමුද්‍රීය වනජීවී අභය භූමියක්

    අප්‍රේල් 30, 2024

    මිරිස්ස සමුද්‍රීය කලාපය ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුගත නිල්ධජ (Blue Flag) වෙරළ කලාපයක් හා සමුද්‍රීය වනජීවී අභය භූමියක් බවට පරිවර්තනය කිරීම සදහා වන කැබිනට් පත්‍රිකාවට අනුමැතිය හිමිවුණු බව කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සදහන් කරයි.

     

    ඔහු මේ බව පැවසුවේ අද (30) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමිනි.

    මිරිස්ස සමුද්‍රීය වෙරළ කලාපය ජාත්‍යන්තර වශයෙන් ඉතා විශාල සංචාරක ආකර්ශනයක් හිමිවන වෙරළ කලාපයක් බවද, එය වනජීවී අභය භූමියක් වශයෙන් ප්‍රකාශයට පත්කිරීම සම්බන්ධයෙන් කරන ලද යෝජනාව 2023/05/22 පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සාකච්ඡාවට ගත් බවද සදහන් කළේය.

    එහිදී එම යෝජනාව පිළිබද සියලුම පාර්ශවයන්ගේ සහභාගීත්වයෙන් වැඩිදුරටත් කරුණු අධ්‍යයනය කර අමාත්‍ය මණ්ඩලය විසින් නිර්දේශ ඉදිරිපත් කිරීම සදහා අගමැතිගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත්කළ බවද සදහන් කළේය.

    එම කමිටුවෙහි නිර්දේශ ඇතුලත් වාර්තාව අනූව ජාත්‍යන්තර ප්‍රමිතීන්ට සහ ජාත්‍යන්තර අනුගතකිරීම් වලට අනුකූලව නිල්ධජ (Blue Flag) වෙරළ කලාපයක් හා සමුද්‍රීය වනජීවී අභය භූමියක් බවට පරිවර්තනය කිරීමෙන් දකුණු පළාතේ සංචාරක කර්මාන්තය පස් ගුණයකින් වර්ධනය කිරීමේ ඉලක්ක සපුරා ගැනීමට නිර්දේශ ඉදිරිපත් කරමින් අග්‍රාමාත්‍යවරයා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය ලබාදුන් බව කැබිනට් ප්‍රකාශකවරයා වැඩිදුරටත් සදහන් කළේය.

    ඒ තුළින් දකුණේ සංචාරක ව්‍යාපාරයේ විශාල ඉදිරි පිම්මක් ඇති කිරීමට මෙම මිරිස්ස අභය භූමිය වැදගත් වෙතැයි එම වාර්තාවෙන් සනිටුහන් වන බවද පැවසුවේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya