කසක්ස්ථානය සහ ශ්‍රි ලංකාව අතර ගුවන්සේවා කටයුතු දියුණු කිරීම සඳහා දෙරටේ ගගනනාවික අධිකාරීන් අතර ගුවන්සේවා ගිවිසුමක් අත්සන් තැබීම පිණිස 2015-05-13 දින පැවති අමත්‍ය මණ්ඩල රැස්වීමේදි අනුමැතිය ලබා දී තිබුණද, එකී ගුවන්සේවා ගිවිසුම මේ දක්වා අත්සන් කිරීමට හැකිවි නොමැත.යෝජිත ගුවන්සේවා ගිවිසුම යටතේ ශ්‍රි ලංකාවේ කවර හෝ ස්ථානයක සිට කසක්ස්ථානයේ ඇස්ටානා සහ/හෝ අල්මැටි දක්වා නිශ්චිත ගමන් මාර්ග ඔස්සේ සතියකට ගමන්වාර 07ක් ගුවන් සේවා මෙහෙයවීමට අපේක්ෂා කරනු ලැබේ.
ඒ අනුව. දෙපාර්ශවය විසින් එකඟතාවට පැමිණ ඇති ගුවන්සේවා ගිවිසුමට අත්සන් තැබීම පිණිස වරාය,නාවික හා ගුවන් සේවා අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදි.