මැයි දින සැමරුම වෙනුවෙන් හෙට දිනයේ කොළඹ නගරය ආශ්‍රිතව පැවැත්වෙන රැළි සහ පෙළපාලි හේතුවෙන් විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව පොලීසිය සඳහන් කරයි. මැයි දින සැමරුම වෙනුවෙන් හෙට දිනයේ රැළි සහ පෙළපාලි 40ක් දිවයින පුරා සංවිධානය කර ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කළේය.
එමෙන්ම මැයි දින සැමරුම් උත්සව 19ක් ද පැවැත්වෙන බව පොලිසිය සඳහන් කරයි
මේ අතර අවසරයකික් තොරව මැයි රැළි ආවරණය කිරීම සඳහා ඩ්‍රෝන යානා භාවිත කිරීම තහනම් බව ද පොලීසිය විසින් දැනුම්දී තිබෙයි
කොළඹ නගරය ආශ්‍රිතව පැවැත්වෙන රැළි සහ පෙළපාලි හේතුවෙන් හෙට දිනයේ ක්‍රියාත්මක විශේෂ රථවාහන සැලැස්ම පහත පරිදි වේ