ලෝක කම්කරු දිනය වෙනුවෙන් හෙට දින පැවැත්වීමට නියමිත මැයි දින පෙළපාලි, රැස්වීම් සහ සැමරුම් උත්සව සඳහා ඩ්‍රෝන යානා භාවිතා කිරීම සම්බන්ධව පොලිස් මාධ්‍ය කොට්ඨාසය මඟින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කරයි.
අනවසරයෙන් මැයි දින පෙළපාලි, රැළි හා සැමරුම් උත්සව කටයුතු ආවරණය කිරීම සඳහා ඩ්‍රෝන යානා භාවිත කිරීම තහනම් වන අතර මෙය දිවයින පුරා පැවැත්වෙන සියලුම මැයි රැළි සඳහා අදාළ වන බවත් එම මාධ්‍ය නිවේදනයේ සඳහන් වෙයි.
අනවසරයෙන් ඩ්‍රෝන යානා භාවිත කරන්නන් සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා බවද එම මාධ්‍ය නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.