අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඌව පළාත් විගමනික සම්පත් මධ්‍යස්ථානයේ ඉදිකිරීම් ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ

    සැප්තැම්බර් 13, 2014

    බදුල්ල, හාලි ඇළ ඉදිකෙරෙන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ඌව පළාත් විගමනික සම්පත් මධ්‍යස්ථානයේ ඉදිකිරීම් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (12) පස්වරුවේ ආරම්භ කෙරිණි.


    විගමනික සේවකයන් සඳහා සපයන සේවාවන් 1999 සිට ම ප්‍රා දේශීය මට්ටමින් ලබාදීම ආරම්භ වුවත් ඔවුන්ට පුහුණුව ලබාදීම සඳහා විධිමත් පුහුණු මධ්‍යස්ථානවල අවශ්‍යතාව මතු විය. එම අවශ්‍යතාව හඳුනා ගනිමින් "මහින්ද චින්තන ඉදිරි දැක්ම" යටතේ පළාත් විගමණික සම්පත් මධ්‍යස්ථාන සංකල්පය බිහිවිය.

     

    මේ යටතේ පළාත් මට්ටමින් විගමනික සේවා මධ්‍යස්ථාන ඉදිකිරීම විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබසාධන අමාත්‍යාංශය යටතේ ආරම්භ කෙරිණි.

     

    රැකියා සොයා විදේශ රටවලට සංක්‍රමණය වන ශ්‍රී ලාංකික ප්‍රජාවගේත් එම පවුල්වල අයගේත් පෙර විගමනික, පසු විගමනික හා ආපසු මව්රටට පැමිණි පසු ඔවුන්ට ඇති වන අවශ්‍යතා සඳහා රාජ්‍ය සහයෝගය, මගපෙන්වීම ඇතුළු දිරිය ලබාදීම සඳහා වන මහඟු අත්වැලක් සපයන්නේ මේ විගමනික සම්පත් මධ්‍යස්ථානයයි.

     

    කොළඹ ප්‍රධාන කාර්යාලයේ තිබෙන සියලු පහසුකම්වලින් සමන්විත ව ඉදිකරනු ලබන මේ මධ්‍යස්ථාන සඳහා රජය වෙන් කර ඇති මුදල රුපියල් කෝටි 55කි. 

     

    මේ මධ්‍යස්ථාන තුළින් බදුල්ල, මොනරාගල පමණක් නො ව නුවරඑළිය දිස්ත්‍රික්කයේ ජනතාවටත් ප්‍රතිලාභ හිමි වේ. මේ දිස්ත්‍රික්ක 03න් වාර්ෂිකව රැකියා සඳහා 15,000කට ආසන්න පිරිසක් විදේශ රටවලට සංක්‍රමණය වන අතර විගමනික සේවක පවුල් දැනටමත් 3000කට වඩා මේ ප්‍රදේශවල ජීවත් වෙති.

     

    විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබසාධන අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

    NDH/pmu_pix by Nishanka de Silva

    Bureau of Foreign Employment 03 1

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya