මැයි 01, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති බදුල්ල මුතියංගන රාජමහා විහාරස්ථානයේ ආගමික වතාවත්වල

    සැප්තැම්බර් 13, 2014

    ඊයේ (12) බදුල්ලේ පැවති වැඩසටහන් රැසකට සහභාගි වූ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ඒ අතරතුර  බදුල්ල මුතියංගන රාජමහා විහාරස්ථානය වෙත ගොස් ආගමික වතාවත්වල නිරත විය.


    විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකෙරුණු ධර්ම මන්දිරය ද ජනාධිපතිතුමා අතින් විවෘත කෙරිණි.

    විහාරස්ථානයේ පැරණි ආවාස ගෙයද මෙහි දී ජනාධිපතිතුමාගේ අවධානයට ලක් වූ අතර එය කඩිනමින් අලුත්වැඩියා කර දෙන ලෙස ජනාධිපතිතුමා ඒ අවස්ථාවේදී ම සංස්කෘතික කටයුතු අමාත්‍ය ටී.බී. ඒකනායක මහතා වෙත දුරකතනයෙන් දැනුම් දුන්නේය.

    සියම් නිකායේ අස්ගිරි පාර්ශවයේ කාරක සංඝ සභික ශාස්ත්‍රපති පූජ්‍ය මුරුදෙනියේ ධම්මරතන නායක හිමිපාණන් වහන්සේ මේ අවස්ථාවට වැඩම කර සිටි අතර උන්වහන්සේගේ සුවදුක් විමසූ ජනාධිපතිතුමා උන්වහන්සේට අටපිරිකර පූජා කළේය.

    ඓතිහාසික බදුලු මුතියංගන රාජමහා විහාරස්ථානයේ විහාරාධිපති ශාස්ත්‍රපති පූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නායක හිමිපාණන් වහන්සේ බැහැදුටු ජනාධිපතිතුමා උන්වහන්සේගේ සුවදුක් විමසා කෙටි පිළිසඳරක ද නිරත විය.

    NDH/pmu_pix by nalin Hewapathirana

    02 Muthiyanganya Rajamha Viharaya

     

     

    03 Muthiyanganya Rajamha Viharaya

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya