මැයි 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කම්කරු දිනය නිමිත්තෙන් රැළි සහ පෙළපාලි 40ක්

    මැයි 01, 2024

    අදට යෙදෙන ලෝක කම්කරු දිනය නිමිත්තෙන් පෙළපාළි සහ රැලි 40ක් දිවයින පුරා පැවැත්වෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා පවසයි. රැස්වීම් සහිත පෙළපාළි 08ක් සහ රැස්වීම් පමණක් 06ක් කොළඹ නගරයේ පමණක් පැවැත්වේ.

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද(01) මැයි දින රැළි දෙකකට එක්වීමට නියමිතය.

    ලංකා කම්කරු කොංග්‍රසය සංවිධානය කරන මැයි දින රැළිය අද පෙ.ව 10.00ට කොටගල මහජන ක්‍රීඩාංගණයේ දී ආරම්භ වීමට නියමිත අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රථමයෙන් ඊට එක්වීමට නියමිතය.

    ලංකා කම්කරු කොංග්‍රසයේ ආරාධනය පරිදි ජනාධිපතිවරයා මේ සඳහා එක්වන අතර වතුකරයේ ජනතාව විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් එම මැයි දින රැළිය සහ පෙළපාලිය පැවැත්වෙනු ඇත. කඳුකර ප්‍රජාව නියෝජනය කරන විශාලතම වෘත්තීය සමිතිය සහ දේශපාලන පක්ෂය වනුයේ ද ‍ලංකා කම්කරු කොංග්‍රසයයි.

    මේ අතර එක්සත් ජාතික පක්ෂ මැයි දින රැළිය අද ප.ව 2.00ට කොළඹ මාළිගාවත්ත පොලිසිය ඉදිරිපිට දි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වෙයි.

    එක්සත් ජාතික පක්ෂයට අනුබද්ධ සංවිධාන ඇතුළු පාක්ෂිකයන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් එම මැයි දින රැළිය පැවැත්වෙයි.

    කොළඹ නගරය සඳහා පොලිස් නිලධාරීන් 6000ක්, පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් 350කට වැඩි පිරිසක් යොදවන අතර අවශ්‍ය වුවහොත් සහ සුවිශේෂ තත්ත්වයක් ඇතිවුවහොත් පමණක් යුද හමුදාවේ ද සහාය යොදා ගැනීමට අපේක්ෂා කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය. මෙලෙස පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් යෙදවීම සිදු කරන්නේ කොළඹ නගරයට පැමිණෙන මහජනතාවගේ ආරක්ෂාව පහසුව සහ මැයි දින පෙළපාළි සහ රැස්වීම් මෙන්ම සැමරුම් උත්සවවල ආරක්ෂාව සඳහා බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අවධාරණය කළේය. කොළඹ නගරයට අමතරව දිවයින පුරා පොලිස් නිලධාරීන් 3000කට ආසන්නව යොදවන බවත් අවශ්‍ය වුවහොත් කැඳවීම සඳහා යුද හමුදාව පොරොත්තු ලේඛනයේ තබා සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya