මැයි 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආසියානු සංවර්ධන බැංකුවේ ප්‍රතිපාදන මත මහවැලි ගොවි ජනතාව ට සුහුරු තාක්ෂණය හඳුන්වා දීමට පියවර

    අප්‍රේල් 30, 2024

    වාරිමාර්ග, වනජීවි සහ වන සංරක්ෂණ අමාත්‍ය නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ගේ ඉල්ලීම මත සුහුරු කෘෂිකර්මාන්තය හරහා මහවැලි ගොවි ජනතාවගේ ජීවනෝපාය සංවර්ධනය කිරීම ආසියානු සංවර්ධන බැංකුව ලබා දී ඇති ඩොලර් මිලියන 10 ක මුදල් ප්‍රතිපාදන මත සුහුරු තාක්ෂණ (SMART AGRICULTURE PACKAGE ) භාණ්ඩ කට්ටල ලබා දීම ආරම්භ කෙරේ.


    වාරිමාර්ග, වනජීවි සහ වන සංරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ගේ ප්‍රධානත්වයෙන් පසුගියදා ඇඹිලිපිටිය මහවැලි නේවාසික ව්‍යාපාර කළමනාකාර කාර්‍යල ශ්‍රවණාගාරයේ දී රත්නපුර දිස්ත්‍රික්කයේ මහවැලි කලාප ජනතාව සඳහා මෙම සුහුරු තාක්ෂණ භාණ්ඩ කට්ටල ප්‍රදානය කිරීම මුලින්ම ආරම්භ කරනු ලැබීය.

    මෙම වැඩසටහන යටතේ රත්නපුර දිස්ත්‍රික්කයේ මහවැලි ගොවි පවුල් 465 ක් සඳහා සුහුරු තාක්ෂණ උපකරණ කට්ටල ය බැගින් ප්‍රදානය කිරීම ට පියවර ගෙන තිබේ.
    ඒ අනුව ඇඹිලිපිටිය චන්ද්‍රිකා වැව කොට්ඨාස යේ ගොවි නියාමකයින් සිය දෙනෙකු ට සංකේතාත්මකව සුහුරු තාක්ෂණ භාණ්ඩ කට්ටල ප්‍රදානය කෙරිනි.

    එක් සුහුරු තාක්ෂණ භාණ්ඩ කට්ටලයක වටිනාකම රුපියල් ලක්ෂ 05 ක් වන අතර එවැනි භාණ්ඩ කට්ටල 100 ක් මෙලෙස බෙදා දෙන ලදි.
    මේ අතර රත්නපුර දිස්ත්‍රික්කයේ මහවැලි කලාප වල බිත්තර නිෂ්පාදනය ඉහළ නැංවීම වෙනුවෙන්
    වැඩි දිවුණු කළ, උසස් ආරයේ කිකිළි පැටවුන් 20000 ක්, බෙදා හැරීම ටද පියවර ගෙන තිබේ.
    ඒ අනුව වලව චන්ද්‍රිකා වැව මහවැලි කොට්ඨාසයේ දැනට කුකුළු ගොවිපළ පවත්වා ගෙන යාම සඳහා සූදානම් වී සිටින තෝරාගත් ප්‍රතිලාභීන් 41 ක් සඳහා වැඩි දිවුණු කළ, උසස් ආරයේ කිකිළි පැටවුන් 50 බැගින් සංකේතාත්මකව ප්‍රදානය කිරීම සිදුකෙරිනි.

    මෙම අවස්ථාවට ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් මහේන්ද්‍ර අබේවර්ධන මහතා, අමාත්‍ය ජ්‍යෙෂ්ඨ උපදේශක අයිවන් සිල්වා මහතා, මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂක වරුන් වලව නේවාසික ව්‍යාපාර කළමනාකාර ඉංජිනේරු සුජීව ගුණසේකර මහතා ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya