මැයි 01, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඌව හයිලන්ඩ් විද්‍යාලයේ මහින්දෝදය තාක්ෂණ විද්‍යාගාරය ජනපති අතින් සිසු අයිතියට

    සැප්තැම්බර් 13, 2014

    බදුල්ල අධ්‍යාපන කලාපයේ ඌව හයිලන්ඩ් විද්‍යාලයේ ඉදිකෙරුණු මහින්දෝදය තාක්ෂණ විද්‍යාගාරය ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අතින් අද (12) පෙරවරුවේ සිසු අයිතියට පත් කෙරිණි.


    අධ්‍යාපන අමාත්‍යාංශයේ පූර්ණ අධීක්ෂණය යටතේ ප්‍රතිනිර්මාණය කළ මෙම එක් මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාරයක පරිගණක 40කින් සමන්විත පරිගනකාගාරයක්, පරිගනක 20කින් සමන්විත භාෂාගාරයක්, දුරස්ථ අධ්‍යාපනය සඳහා නැණස ඒකකයක්, ගණිතාගාරයක්, විද්‍යාගාරයක් යන අංගයන්ගෙන් සමන්විතය. 

    මේ අවස්ථාවට එක් වූ ජනාධිපතිතුමාව එම සිසු දරුවන් විසින් මහත් හරසරින් පිළිගන්නා ලදී.

    සමරු ඵලකය නිරාවරණය කර තාක්ෂණ විද්‍යාගාරය සිසු අයිතියට පවරා දුන් ජනාධිපතිතුමා එහි නිරීක්ෂණ චාරිකාවක ද නිරත විය.

    ජ්‍යෙෂ්ඨ අමාත්‍ය එස්.බී. නාවින්න, අමාත්‍යවරුන් වන බන්දුල ගුණවර්ධන, නිමල් සිරිපාල ද සිල්වා, මහාචාර්ය ජී.එල්. පීරිස්, අනුර ප්‍රියදර්ශන යාපා යන මහත්වරු ඇතුළු පිරිසක් මීට එක් ව සිටියහ.

    NDH/pmu_pix by Nishanka de Siva

    02 Uwa Higland

     

     

    03 Uwa Higland

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya