අධ්‍යාපන අමාත්‍යංශයේ පූර්ණ අධීක්ෂණය යටතේ ප්‍රතිනිර්මාණය කළ පරිගණක 40කින් යුත් පරිගණක විද්‍යාගාරයකින්, පරිගණක 20කින් යුත් භාෂාගාරයකින්, නැණස දුරස්ථ අධ්‍යාපන ඒකකයකින් මෙම තාක්ෂණ විද්‍යාගාරය සමන්විත වේ.
මහින්දෝදය තාක්ෂණ විද්‍යාගාරය සිසු අයිතියට පවරාදීමට ගිය ජනාධිපතිතුමාව එහි සිසු දරුවෝ විසින් මහත් හරසරින් යුතුව පිළිගනු ලැබූහ.
සමරු ඵලකය නිරාවරණය කොට තාක්ෂණ විද්‍යාගාරය සිසු අයිතියට පවරා දුන් ජනාධිපතිතුමා එහි නිරීක්ෂණ චාරිකාවක ද නිරත විය.
ජ්‍යේෂ්ඨ අමාත්‍ය එස්.බී. නාවින්න, අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, බන්දුල ගුණවර්ධන, මහාචාර්ය ජී.එල්. පීරිස්, අනුර ප්‍රියදර්ශන යාපා මහත්වරු ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක් වූහ.
DB