මැයි 01, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කැන්දගොල්ල නවෝද්‍යා විද්‍යාලයේ මහින්දෝදය තාක්ෂණ විද්‍යාගාරය සිසු අයිතියට

    සැප්තැම්බර් 12, 2014
    බදුල්ල අධ්‍යාපන කලාපයේ කැන්දගොල්ල නවෝද්‍යා මහා විද්‍යාලයේ ඉදිකෙරුණු මහින්දෝදය තාක්ෂණ විද්‍යාගාරය ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (12) සිසු අයිතියට පැවරිණි.
     
    අධ්‍යාපන අමාත්‍යංශයේ පූර්ණ අධීක්ෂණය යටතේ ප්‍රතිනිර්මාණය කළ පරිගණක 40කින් යුත් පරිගණක විද්‍යාගාරයකින්, පරිගණක 20කින් යුත් භාෂාගාරයකින්, නැණස දුරස්ථ අධ්‍යාපන ඒකකයකින් මෙම තාක්ෂණ විද්‍යාගාරය සමන්විත වේ. 
     
    මහින්දෝදය තාක්ෂණ විද්‍යාගාරය සිසු අයිතියට පවරාදීමට ගිය ජනාධිපතිතුමාව එහි සිසු දරුවන් විසින් මහත් හරසරින් යුතුව පිළිගන්නා ලදී.
     
    සමරු ඵලකය නිරාවරණය කොට තාක්ෂණ විද්‍යාගාරය සිසු අයිතියට පවරා දුන් ජනාධිපතිතුමා එහි නිරීක්ෂණ චාරිකාවක ද නිරත විය.
     
    ජ්‍යේෂ්ඨ අමාත්‍ය එස්.බී. නාවින්න, අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, බන්දුල ගුණවර්ධන, මහාචාර්ය ජී.එල්. පීරිස්, අනුර ප්‍රියදර්ශන යාපා මහත්වරු ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක්වූහ.
     
    DB
     
    HE open lab badulla kendagolla 1
     
     
    HE open lab badulla kendagolla 2

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya