මැයි 01, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඌව පළාත් ක්‍රීඩා සංකීර්ණය ජනපති අතින් ජනතා අයිතියට

    සැප්තැම්බර් 12, 2014

    මහින්ද චින්තන ඉදිරි දැක්මේ ප්‍රකාරව "ක්‍රීඩාවේ සුව දිවියෙන් ලොවක් දිනන්නට" යන තේමාව යටතේ දිවයින පුරා අංග සම්පූර්ණ ක්‍රීඩා සංකීර්ණ ඉදිකිරීමේ වැඩපිළිවෙළ යටතේ රුපියල් මිලියන 350ක වියදමින් ඉදිකෙරුණු ඌව පළාත් ක්‍රීඩා සංකීර්ණය අද (12) පෙරවරුවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අතින් ජනතා අයිතියට පැවරිණි.


    මීටර් 400 ධාවන පථයක්, පුහුණු ධාවන පථයක්, අංග සම්පූර්ණ ප්‍රේක්ෂකාගාරයක්, මීටර් 50 ප්‍රමාණයේ පිහිනුම් තටාකාංගනයක්, ගෘහස්ත ක්‍රීඩාගාරයක් හා වෛද්‍ය ඒකකයක් ඇතුළු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයකට ඇතුළත් විය යුතු අංග රැසකින් සමන්විත වන පරිදි ඉදිකිරීම සඳහා මෙම ඌව පළාත් ක්‍රීඩා සංකීර්ණයට මුල්ගල් තැබීම සිදු කෙරුණේ ක‍්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ, වාරිමාර්ග හා ජල කළමනාකරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා හා විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබසාධන අමාත්‍ය ඩිලාන් පෙරේරා යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙනි.


    ක්‍රීඩා ඉසව් 25ක් සඳහා අවශ්‍ය පහසුකම් සලසමින් අංග සම්පූර්ණ ලෙස ඉදිකෙරුණු ක්‍රීඩා සංකීර්ණය හා එහි ඉදිකෙරුණු නව පිහිනුම් තටාකය ද ජනපති අතින් විවෘත කෙරිණි. පාපන්දු පිටියේ පැවති ප්‍රථම පාපන්දු තරගය නැරඹීමට ද ජනාධිපතිතුමා ද එක් විය.

     

    ප්‍රදේශයේ අති විශාල ජනතාවක් ක්‍රීඩාංගණයට රැස්ව සිටි අතර ජනාධිපතිතුමා ඔවුන් සමඟ ද සුහද කතා බහක නිරත විය.

    අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ, නිමල් සිරිපාල ද සිල්වා, මහාචාර්ය ජී.එල්. පීරිස්, අනුර ප්‍රියදර්ශන යාපා, ඩිලාන් පෙරේරා, ඌව පළාත‍් ආණ්ඩුකාර නන්ද මැතිව්, සබරගමුව පළාත් ප්‍රධාන අමාත්‍ය මහීපාල හේරත් යන මහත්වරු ඇතුළු පිරිසක් මීට එක්ව සිටියහ. 

    NDH/pmu_pix by Chandana Perera

     

    04

     

    03

     

    05

     

    07

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya