මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කන්කසන්තුරය වරාය ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය

    අප්‍රේල් 30, 2024

    කන්කසන්තුරය වරාය ප්‍රතිසංස්කරණ  වයාපෘතියෙහි වැදගත්කම සැලකිල්ලට ගෙන ,එහි සමස්ත ඇස්තමේන්තුගත පිරිවැය මුල්‍ය ප්‍රදානයක් වශයෙන් ලබා දීමට ඉන්දීය රජය එකඟතාව පළ කර ඇති අතර, එකී මුල්‍ය ප්‍රදානය භාර ගැනීමටත් ,ඒ සඳහා  වන අදාළ ගිවිසුම්වලට එළඹීමටත් මුදල් , ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන්  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා   ඉදිරිපත් කළ යෝංජනාවට කැබිනට් මණ්ඩලයේ   අනුමැතිය හිමිවී තිබේ.

    ඉන්දීය ණය අරමුදල් යටතේ කන්කසන්තුරය වරාය ප්‍රකිසංස්කරණ කිරීමේ ව්‍යාපාතිය ක්‍රියාත්මක කිරීම පිණිස 2017-05-02 සින අමාක්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී ඇති අතර ව්‍යාපාති කළමනාකරණ උපදේශක සේවා පිරිනැමිම සඳහා 2019-12-18 දින අනුමැතිය ලබා දී තිබේ.

    උපදේශක සේවා ආයතනය විසින් සකස් කරනු ලැබ ඇති ඇස්තමේන්තුගත පිරිවැය අදාළ ණය මුදලට වඩා වැඩි වීම හේතුවෙන් ව්‍යාපෘතියෙහි කටයුතු අපේක්ෂිත පරිදි ඉදිරියට ක්‍රියාත්මක කිරීමට නොහැකි වී ඇත. එබැවින් රාජ්‍ය -පෞද්ගලික හවුල්කාරීත්ව ක්‍රමවේදය යටකේ එම ව්‍යාපාති නිම කිරීමේ හැකියාව පිළිබඳව ඉනිදීය රජය සමඟ තවදුරටත් සාකච්ඡා  කරනු ලැබ තීබේ.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya