අධ්‍යාපන අමාත්‍යංශයේ පූර්ණ අධීක්ෂණය යටතේ ඉදිකෙරෙන මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාරය පරිගණක 40කින් සමන්විත පරිගණකාගාරයක්, පරිගණක 20කින් සමන්විත භාෂාගාරයක්, දුරස්ථ අධ්‍යාපනය සඳහා නැණස ඒකකයක්, ගණිතාගාරයක්, විද්‍යාගාරයක් යන අංගයන්ගෙන් සමන්විතය.
මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාරය සිසු අයිතියට පවරාදීමට එහි ගිය ජනාධිපතිතුමාව එම පාසලේ සිසු දරුදැරියන් විසින් පිළිගනු ලැබුවේ මහත් හරසරිනි.
සමරු ඵලකය නිරාවරණය කරමින් තාක්ෂණික විද්‍යාගාරය විවෘත කළ ජනාධිපතිතුමා එහි නිරීක්ෂණ චාරිකාවක ද නිරත විය.
අමාත්‍යවරුන් වන බන්දුල ගුණවර්ධන, මහාචාර්ය ජී.එල්. පීරිස්, ලක්ෂ්මන් සෙනෙවිරත්න, මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක, සබරගමුව පළාත් ප්‍රධාන අමාත්‍ය මහීපාල හේරත්, බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන තේනුක විදානගමගේ, දිලුම් අමුණුගම යන මහත්වරු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට සහභාගි වූහ.
HC/pmu_Pix by: Sudath Silva