මැයි 01, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බදුල්ලේ තවත් මහින්දෝදය තාක්ෂණ විද්‍යාගාර කිහිපයක් සිසු අයිතියට

    සැප්තැම්බර් 12, 2014

    හෙට (13) පස්වරු 3.00ට බණ්ඩාරවෙල විශාකා බාලිකා මහා විද්‍යාලයේත් පස්වරු 3.45ට බණ්ඩාරවෙල ධර්මාශෝක මහා විද්‍යාලයේත් අලුතින් ඉදිකරන ලද මහින්දෝදය තාක්ෂණ විද්‍යාගාර ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිසු අයිතියට පත් කිරීමට නියමිතය.


    අනිද්දා (14) පෙරවරු 11.00ට වැලිමඩ මහා විද්‍යාලය, පෙරවරු 11.45ට මුරුතලාව මුස්ලිම් මහා විද්‍යාලය, පස්වරු 12.45ට කැප්පෙටිපොළ මහා විද්‍යාලය, පස්වරු 2.00ට ඌව පරණගම විද්‍යාලය, පස්වරු 2.30ට අලගොල්ල දෙමළ මහා විද්‍යාලය, පස්වරු 3.30ට අඹගස්දූව ජනාධිපති මහා විද්‍යාලය හා බොරලන්ද ධර්මපාල විද්‍යාලයේ ඉදිකරන ලද මහින්දෝදය තාක්ෂණ විද්‍යාගාර සිසු අයිතියට පත් කරනු ලබන්නේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙනි.

     

    මෙම එක් මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාරයක පරිගණක 40කින් සමන්විත පරිගණකාගාරයක්, පරිගණක 20කින් සමන්විත භාෂාගාරයක්, දුරස්ථ අධ්‍යාපනය සඳහා නැණස ඒකකයක්, ගණිතාගාරයක්, විද්‍යාගාරයක් යන අංගයන්ගෙන් සමන්විතය.

     

     

    අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ඇතුළු නිලධාරීන් මේ අවස්ථාවට සහභාගි වනු ඇත.

     

    NDH 

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya