මැයි 01, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉන්දීය ධීවරයන් මුහුදු සීමාව ඉක්මවා යනවාටත් වඩා පරිසර හානි සිදු කරනවා

    සැප්තැම්බර් 12, 2014
    දැවැන්ත යාත‍්‍රා යොදා ගනිමින් ඉන්දියානු ධීවරයන්ට ශ‍්‍රී ලංකා මුහුදු සීමාවේ ධීවර සම්පත් මෙන් ම පරිසරය ද විනාශ කිරීමට ඉඩ දිය නොහැකි බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප‍්‍රකාශ කළේය.
     
    එසේ එන යාත‍්‍රා සංඛ්‍යාව සිය ගණනක් බවත් දැල් ඇදගෙන යාම හේතු කොටගෙන සාගර සම්පත් පවා විනාශ වන බවත් ජනාධිපතිතුමා ඉන්දියාවේ හින්දු පුවත්පත සමග පැවැත් වූ සම්මුඛ සාකච්ඡාවකදී අවධාරණය කළේය.
     
    ජනාධිපතිතුමා වැඩිදුරටත් කරුණු දක්වමින් කියා සිටියේ ශ‍්‍රී ලංකාව වඩාත් ම විරෝධතාව දක්වනුයේ එහි මුහුදු සීමාව ඉක්මවීමටත් වඩා සාගර සම්පත් සූරාගන යන අයුරින් ට්‍රෝලර් යාත‍්‍රාවල දැල් පරිහරණයට බවය. මසුන්ට මුහුදු සීමා නොමැති අතර ධීවරයන් මසුන් පසුපස හඹා යනවා යන්න තමා නිරතුරුවම විශ්වාස කරන බව ද ජනාධිපතිතුමා තවදුරටත් පවසා ඇත. 
     
    මෙම ප‍්‍රශ්නය ඉන්දු ලංකා මිත‍්‍රත්වයට පවා අහිතකර බලපෑම් ඇති කරන්නක් විය හැක. මේ පිළිබඳ ව දෙරට අතර සාකච්ඡා පවත්වා ඇති බවත් අවසන් වරට පසුගිය මැයි මාසයේ දී ශ‍්‍රී ලංකාවේ පවත්වා ඇති අතර එම සාකච්ඡා සාර්ථක නො වූ බවත් හින්දු පුවත්පත වාර්තා කරයි. 
     
    ඉන්දියානු ධීවරයන් හය දෙනෙකු නොබෝදා ශ‍්‍රී ලංකා නාවික හමුදාව විසින් තලෙයි මන්නාරමේ දී අත්අඩංගුවට ගනු ලැබූ බවත් සැප්තැම්බර් 24 තෙක් ඔවුන් රැඳවුම් නියෝග යටතේ රඳවා ඇති බවත් එම වාර්තාව අනාවරණය කර ඇත. දැනට ඉන්දීය ධීවරයන් 15ක් සහ ධීවර බෝට්ටු 65ක් එසේ රඳවාගෙන තිබෙන බව ද හින්දු පුවත්පත වාර්තා කරයි. 
     
    පුසගිය මැයි මාසයේ ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මහතා නවදිල්ලි නුවර දී හමුවීමට පෙර අත්අඩංගුවේ සිටි සියලු ම ධීවරයන් නිදහස් කර යැවීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා නියෝග කළේය. 
     
    එසේම පසුගිය අගෝස්තු මස පැවති ඉන්දීය නිදහස් දිනයට සමගාමීව අත්අඩංගුවේ සිටි ධීවරයන් 94ක් නිදහස් කර යැවීමට ජනාධිපතිතුමා නියෝග කළේය.
     
    DB/ priu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya