මැයි 01, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ‍්‍රී ලංකාව හෝ ඉන්දියාව හෝ ඉලක්ක කර සිදු කරන අන්තර්ජාතික පරීක්‍ෂණයකට දැඩි ලෙස විරුද්ධ වෙනවා - ජනපති

    සැප්තැම්බර් 12, 2014

    ශ‍්‍රී ලංකාවට එරෙහි මානව හිමිකම් පරීක්‍ෂණයට සහය නොදැක්වීම සම්බන්ධයෙන් ඉන්දියාවට කෘතඥතාව පළ කරන බව ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා සඳහන් කර ඇත. ශ‍්‍රී ලංකාව හෝ ඉන්දියාව හෝ ඉලක්ක කර ගනිමින් සිදු කරන ඕනෑ ම අන්තර්ජාතික පරීක්‍ෂණයකට දැඩි ලෙස විරුද්ධ වන බව ද ජනාධිපතිතුමා අවධාරණය කරයි.


    අද ශී‍්‍ර ලංකාව පිළිබඳ අන්තර්ජාතික පරීක්ෂණයක් ඉල්ලා සිටින කණ්ඩායම් ඉදිරියේදී කාශ්මීරය පිළිබඳ අන්තර්ජාතික පරීක්ෂණයක් ඉල්ලා සිටිය හැකි බව ද පෙන්වා දුන් ජනාධිපතිතුමා එසේ වුවහොත් එවැනි බාහිර පරීක්ෂණයක් පිළිබඳව ශ‍්‍රී ලංකාව විරෝධය පළ කරන බව ද පැවසීය. 

     

    ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා මේ බව පැවසුවේ "ද හින්දු" පුවත්පත සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී ය.  "ද හින්දු" පුවත්පත ඉන්දියාවේ ප්‍රධාන ජාතික පුවත්පතකි.

     

    මෙහිදී ජනාධිපතිතුමා ඉන්දු ලංකා සබඳතා ඇතුළු කරුණු රැසක් පිළිබඳව කරුණු පැහැදිලි කළේය.



    13 වෙනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ දෙමළ ජාතික සන්ධානය සමඟ සාකච්ඡා කිරීම රජය ප‍්‍රතික්ෂේප කර නැතැයි ද ජනාධිපතිතුමා මෙහිදී පෙන්වා දී ඇත . 


    මෙම මස පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය අතරතුර දී ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්‍ද්‍ර මෝදි මහතා හමුවී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව ද ජනාධිපතිතුමා මෙහි දී  "ද හින්දු" පුවත්පත වෙත පවසා තිබේ. 


    NDH/priu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya