මැයි 01, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රටට වැඩදායී, ලෝකය ජය ගත හැකි දරු පිරිසක් ගොඩ නැගීමට සියලුදෙනා දායක විය යුතුයි - ජනපති

    සැප්තැම්බර් 12, 2014

    එදා එක පන්තියකට සීමා වූ අධ්‍යාපනයේ වරප‍්‍රසාද අද මුළු රටේ ම දරුවන්ට ලබාදීමට වත්මන් රජය කි‍්‍රයාවට නංවා ඇති වැඩපිළිවෙළ සමඟ එක්වෙමින් රටට වැඩදායී ලෝකය ජයගත හැකි දරු පිරිසක් ගොඩ නැගීමට සියලු දෙනා දායකවිය යුතු බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා පැවසීය.


    ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ බව පැවසුවේ මහියංගනයේ දරුවන්ටත් තොරතුරු තාක්ෂණ අධ්‍යාපනය ලබාදීමට මහියංගනය කලාපයේ පාසල් 05ක ඉදිකෙරුණු මහින්දෝදය තාක්ෂණ විද්‍යාගාර ඊයේ (11) සිසු අයිතියට පවරාදෙමිනි. 

     

    ජනාධිපතිතුමා අතින් පළමුව සිසු අයිතියට පැවරුණේ ගිරාඳුරුකෝට්ටේ ඔරුබැඳිවැව මධ්‍ය මහා විද්‍යාලයේ ඉදිකෙරුණු මහින්දෝදය තාක්ෂණ විද්‍යාගාරයයි. එම මහින්දෝදය තාක්ෂණ විද්‍යාගාරය සිසු අයිතියට පවරාදීමට ගිය ජනාධිපතිතුමාව එම සිසු දරුවන් විසින් මහත් හරසරින් යුතුව පිළිගන්නා ලදී. සමරු ඵලකය නිරාවරණය කර තාක්ෂණ විද්‍යාගාරය සිසු අයිතියට පවරා දුන් ජනාධිපතිතුමා එහි නිරීක්ෂණ චාරිකාවක ද නිරත වෙමින් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු පිළිබඳ සොයා බැලීය. 


    අනතුරුව තිස්සපුර ද්විතීයක පාසල වෙත පැමිණි ජනාධිපතිතුමා එහි මහින්දෝදය තාක්ෂණ විද්‍යාගාරය ද සිසු අයිතියට පවරා දුන්නේ ය. මහියංගන අධ්‍යාපන කලාපයේ රිදීමාලියද්ද කොට්ඨාසයේ ඌව තිස්සපුර මාපාකඩ ගමේ පිහිටි තිස්සපුර ද්විතීයක පාසලේ ළමුන් 921 දෙනෙකු පමණ අධ්‍යාපනය ලබති. විද්‍යාලයට පැමිණි ජනාධිපතිතුමාව එම සිසු දරුවන් විසින් ද මහත් හරසරින් යුතුව පිළිගත් අතර කෙතරම් කාර්ය බහුල කාලසටහනක් හමුවේ වුවද එම දරුවන් සමඟ සුහද කතා බහක නිරත වූ ජනාධිපතිතුමා ඔවුන්ගේ දස්කම් අගය කිරීමටද අමතක නොකළේය. 

     

    ඉන් අනතුරුව රිදීමාලියද්ද ආඳා උල්පත මහා විද්‍යාලය වෙත පැමිණි ජනාධිපතිතුමා එහි සිසු දරුවන් වෙනුවෙන් ඉදිකෙරුණු මහින්දෝදය තාක්ෂණ විද්‍යාගාරය ද සිසු අයිතියට පවරා දුන්නේ ය. 


    එමෙන්ම කන්දකැපූ උල්පත මහා විද්‍යාලයේ මෙන් ම මීගහකිවුල ජාතික පාසලේ ඉදිකෙරුණු මහින්දෝදය තාක්ෂණ විද්‍යාගාර ද ජනාධිපතිතුමා අතින් සිසු අයිතියට පැවරිණි. 

     

    අධ්‍යාපන අමාත්‍යාංශයේ පූර්ණ අධීක්ෂණය යටතේ ප‍්‍රතිනිර්මාණය කළ පරිගණක 40කින් යුත් පරිගණක විද්‍යාගාර, පරිගණක 20කින් යුත් භාෂාගාරයක්, ගණිතාගාරයක්, නැණස දුරස්ථ අධ්‍යාපන ඒකකයකින් මෙම මහින්දෝදය තාක්ෂණ විද්‍යාගාර සමන්විතය.

     

    මහින්දෝදය ද්විතීයක පාසල් දහසක් රට පුරා ප‍්‍රතිනිර්මාණය කිරීමේ ජාතික වැඩපිළිවෙළ යටතේ ඌව පළාත තුළ පමණක් විද්‍යාගාර 88ක් ඉදි කෙරේ.

     

    අමාත්‍යවරුන් වන බන්දුල ගුණවර්ධන, මහාචාර්ය ජී.එල්. පීරිස්, ලක්ෂ්මන් සෙනෙවිරත්න, මධ්‍යම පළාත් ප‍්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක, සබරගමුව පළාත් ප‍්‍රධාන අමාත්‍ය මහීපාල හේරත්, බස්නාහිර පළාත් ප‍්‍රධාන අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග, පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් වන තේනුක විදානගමගේ, දිළුම් අමුණුගම යන මහත්වරු  ඇතුළු පිරිසක් මෙම අවස්ථාවන්ට එක් ව සිටියහ.

    NDH/priu

    01 1

     

    07

     

    08

     

    Mahindodaya Technical Laboratory at Giradurukotte Orubandinawewa 5

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya