මැයි 01, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඓතිහාසික වියලුව කන්දකැටිය කිරිවෙහෙර රාජමහා විහාරස්ථානයේ සංවර්ධන කටයුතු ජනපතිගේ අවධානයට

    සැප්තැම්බර් 12, 2014

    දේවානම්පියතිස්ස රජ සමයට අයත් ඉපැරණි විහාරස්ථානයක් සේ සැලකෙන බදුල්ල, වියලුව ඓතිහාසික කන්දකැටිය කිරිවෙහෙර රාජමහා විහාරස්ථානයේ සංවර්ධන කටයුතු පිළිබඳ ව ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ අවධානය යොමු විය. 


    ඊයේ (11) පස්වරුවේ එම විහාරස්ථානය වෙත ගිය ජනාධිපතිතුමා පළමුව ආගමික වතාවත්වල නිරතව ආශිර්වාද ලබා ගත්තේ ය.

     

    අනතුරුව විහාරාධිපති පූජ්‍ය කන්දකැටියේ විමලකිත්ති ස්වාමීන් වහන්සේ බැහැ දැක තොරතුරු විමසූ අතර විහාරස්ථානයේ සිදු විය යුතු සංවර්ධන කටයුතු පිළිබඳ එහිදී උන්වහන්සේ ජනාධිපතිතුමාව දැනුවත් කළහ. 

     

    කන්දකැටිය ගලඋඩ මාර්ගයේ නගරය පසු කොට සැතපුම් දෙකක් පමණ ගමන් කළ විට මෙම ඓතිහාසික සිද්ධස්ථානය වෙත ළඟා විය හැකිය. බුදු දහම රැගෙන මෙරටට වැඩම කළ මිහිඳු මහ රහතන් වහන්සේ සමඟ පැමිණි සුමන සාමනේරයන් අත සර්වඥ ධාතුන් වහන්සේලා පිර වූ පාත‍්‍රයක් තිබූ බවත් එම සර්වඥ ධාතුන්වහන්සේලා තැන්පත් කරමින් දේවානම්පිය තිස්ස රජු ශී‍්‍ර ලංකාව පුරා යොදුනින් යොදුන චෛත්‍ය කරවූ බවත් ඉතිහාසයේ සඳහන් වෙයි. මහියංගනය හා මුතියංගනය විහාරස්ථාන අතර යොදුනක දුරින් වියලුව කිවුලේගෙදර ප‍්‍රදේශයේ පිහිටි කන්දකැටිය කිරිවෙහෙර රාජමහා විහාරස්ථානය ද එසේ ඉදිකරන ලද්දකි.

     

    එක් පසෙකින් වෙල් යායටත්, ඔයටත් අනෙක් පසින් මනරම් වෙල්යායකටත් මැදි ව පිහිටි මෙම විහාරස්ථානයට කිරිවෙහෙර යන නාමය ලැබී ඇත්තේ කලකට පෙර එහි ගැවසුණු කිරි ගව පට්ටිය නිසා යැයි වත්මන් විහාරාධිපති හිමියෝ පවසති.



    දුටුගැමුණු රාජ්‍ය පාලන සමයේ ජීවත්වූවා යැයි සැලකෙන වේළුසුමන යෝධයා ද මෙම විහාරස්ථානය ප‍්‍රතිසංස්කරණය කර ඇත. මෙම ප‍්‍රදේශයේ උපන් කිවුලේගෙදර මොහොට්ටාල සිහිකරමින් කිවුලේගෙදර නමින් දේවාලයක් ද විහාරස්ථානයේ ස්ථාපිත කර ඇත. 



    සුවිසල් චෛත්‍යයක්, ඉපැරණි බිතු සිතුවම් සහිත විහාර මන්දිරයක් මෙන් ම විවිධ ශෛල්‍යමය ඉදිකිරීම් රැසකින් සමන්විත මෙම පින් බිම සියවසකටත් අධික කාලයක් පුරා කැලෑවෙන් යට වී විනාශ වෙමින් පැවති අතර වර්ෂ 1870 දී එහි වැඩම කළ පොල්වත්තේ සුනන්ද හිමියෝ මෙය හෙළිපෙහෙළි කර ජනතාවට වන්දනාමාන කිරීමට සුදුසු තත්ත්වයට පත් කර ඇත. 



    ජනාධිපතිතුමාගේ සම්ප‍්‍රාප්තිය සැලවීමෙන් ප‍්‍රදේශයේ අතිවිශාල ජනතාවක්ද විහාරස්ථානය වෙත රැස් ව සිටියහ. ඔවුන්ගේ ද තොරතුරු විමසීමට ජනාධිපතිතුමා අමතක නොකළ අතර ප‍්‍රදේශයේ අඩුපාඩු කිහිපයක් පිළිබඳ ව ඔවුහු එහිදී ජනාධිපතිතුමාව දැනුවත් කළහ. ඒවා කඩිනම්න් විසඳීමට ද ජනාධිපතිතුමා අදාළ නිලධාරින්ට උපදෙස් දුන්නේය.



    ජ්‍යෙෂ්ඨ අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම, අමාත්‍යවරුන් වන තිස්ස කරලියද්ද, ලක්ෂ්මන් සෙනෙවිරත්න යන මහත්වරු ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

     NDH/priu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya