මැයි 01, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඔරුබඳින වැව මධ්‍ය විද්‍යාලයේ මහින්දෝදය තාක්ෂණ විද්‍යාගාරය ජනපති අතින් සිසු අයිතියට

    සැප්තැම්බර් 11, 2014

    ගිරාඳුරුකෝට්ටේ ඔරුබඳින වැව මධ්‍ය මහා විද්‍යාලයේ ඉදිකෙරුණු මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාරය ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සුරතින් අද (11) සිසු අයිතියට පැවරුණි.


    අධ්‍යාපන අමාත්‍යංශයේ පූර්ණ අධීක්ෂණය යටතේ ඉදිකෙරෙන මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාරය පරිගණක 40කින් සමන්විත පරිගණකාගාරයක්, පරිගණක 20කින් සමන්විත භාෂාගාරයක්, දුරස්ථ අධ්‍යාපනය සඳහා නැණස ඒකකයක්, ගණිතාගාරයක්, විද්‍යාගාරයක් යන අංගයන්ගෙන් සමන්විතය.


    මෙම අවස්ථාවට සහභාගී වූ ජනාධිපතිතුමාව එම පාසලේ සිසු දරුවන් විසින් පිළිගනු ලැබුවේ මහත් හරසරිනි.


    සමරු ඵලකය නිරාවරණය කරමින් තාක්ෂණික විද්‍යාගාරය විවෘත කළ ජනාධිපතිතුමා එහි නිරීක්ෂණ චාරිකාවක ද නිරත විය.

     

    අමාත්‍යවරුන් වන බන්දුල ගුණවර්ධන, මහාචාර්ය ජී.එල්. පීරිස්, ලක්ෂ්මන් සෙනෙවිරත්න, මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය  සරත් ඒකනායක, සබරගමුව පළාත් ප්‍රධාන අමාත්‍ය මහීපාල හේරත්, බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන තේනුක විදානගමගේ, දිලුම් අමුණුගම යන මහත්වරු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට සහභාගි වූහ.

     

    HC/pmu_Pix by: Sudath Silva

    Mahindodaya Technical Laboratory at Giradurukotte Orubandinawewa 1

     

    Mahindodaya Technical Laboratory at Giradurukotte Orubandinawewa 2

     

    Mahindodaya Technical Laboratory at Giradurukotte Orubandinawewa 3

     

    Mahindodaya Technical Laboratory at Giradurukotte Orubandinawewa 5

     

    Mahindodaya Technical Laboratory at Giradurukotte Orubandinawewa 5

     

    Mahindodaya Technical Laboratory at Giradurukotte Orubandinawewa 6

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya