මැයි 01, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගිරාඳුරුකෝට්ටේ ධර්මෝදය පිරිවෙන් විහාරස්ථානයේ අගසස් මහා මංගල්‍යයට ජනපතිත් එක් වෙයි

    සැප්තැම්බර් 11, 2014
    මහවැලි සී කලාපයේ ගොවි ජනතාව විසින් 2014 වසරේ යල කන්නයේ නෙළා ගන්නා ලද වී අස්වැන්නේ අග්‍ර කොටස බුදුන් වහන්සේ වෙත පූජා කිරීමේ අගසස් මහා මංගල්‍යය අද (11) පෙරවරුවේ ගිරාඳුරුකෝට්ටේ ධර්මෝදය පිරිවෙන් විහාරස්ථානයේ දී පැවැති අතර ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ද ගොවි ජනතාව සමඟ ඊට එක් විය.


    අද පෙරවරුවේ විහාරස්ථානය වෙත ගිය ජනාධිපතිතුමා පළමුව ආගමික වතාවත්වල නිරත වී ආශිර්වාද ලබා ගත්තේය.

     

    විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකරන ලද දේවාලය විවෘත කෙරුණේ ජනාධිපතිතුමා අතිනි. දේවාලය විවෘත කළ ජනාධිපතිතුමා එහි ප්‍රථම පූජාව ද සිදු කොට ආශිර්වාද ලබා ගත්තේය.

     

    ජනාධිපතිතුමාගේ සම්ප්‍රාප්තිය සනිටුහන් කරමින් සමන් දේවාල පරිශ්‍රයේ සල් පැළයක් ද රෝපණය කෙරිණි.

     

    අනතුරුව ඌව බිම්තැන්නේ දෙපළාතේ සංඝනායක පූජ්‍ය නාපටවෙල ධම්මානන්ද හිමිපාණන් වහන්සේ බැහැදුටු ජනාධිපතිතුමා උන් වහන්සේගේ සුවදුක් විමසමින් කෙටි පිළිසඳරක නිරත විය.

     

    ප්‍රදේශයේ අතිවිශාල ජනතාවක් ද මේ අවස්ථාවට එක්ව සිටි අතර ජනාධිපතිතුමා ඔවුන්ගේ ද තොරතුරු විමසීය.

     

    අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, සබරගමුව පළාත් ප්‍රධාන අමාත්‍ය මහීපාල හේරත්, බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග, මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක, ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තෝ යන මහත්වරු ද මේ අවස්ථාවට එක් ව සිටියහ.

    NDH/pmu_pix by Sudath Silva

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya