අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති ඓතිහාසික මහියංගනය රජමහා විහාරයේ ආගමික වතාවත්වල

    සැප්තැම්බර් 11, 2014

    ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ඊයේ (10) පස්වරුවේ ඓතිහාසික මහියංගනය රජමහා විහාරස්ථානය වෙත ගොස් ආගමික වතාවත්වල නිරත විය.


    එහි චෛත්‍ය රාජයාණන් වහන්සේ, බුද්ධ මන්දිරය, ධාතු මන්දිරය, මෙන් ම සමන් දේවාලය ද වැඳපුදා ගත් ජනාධිපතිතුමා ආශිර්වාද ලබා ගත්තේය.

    ඓතිහාසික මහියංගනය රජමහා විහාරයේ භාරකාර රාජකීය පණ්ඩිත පූජ්‍ය උරුලෑවත්තේ ධම්මරක්ඛිත නායක හිමිපාණන් වහන්සේ බැහැ දුටු ජනාධිපතිතුමා උන් වහන්සේගේ සුවදුක් විමසමින් කෙටි පිළිසඳරක නිරත විය.

    අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, සබරගමුව පළාත් ප්‍රධාන අමාත්‍ය මහීපාල හේරත්, බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග, මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක යන මහත්වරු මේ අවස්ථාවට එක් ව සිටියහ.

    NDH/pmu_pix by Chandana Perera

    MAHIYANGANYA RAJAMAHA VIHARAYA 02

     

     

    MAHIYANGANYA RAJAMAHA VIHARAYA 03 1

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya