අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ළමා අපයෝජන ගැන දේශපාලන සම්බන්ධතා වාර්තාගත වන්නේ නෑ

    අප්‍රේල් 09, 2014

    ළමා අපයෝජන සම්බන්ධයෙන් කිසිම නඩුවක වරදකරුන්ගේ දේශපාලන සම්බන්ධතා පිළිබඳ ව වාර්තාගත කිරීමක් සිදු නොවන බව අධිකරණ අමාත්‍ය රවුෆ් හකීම් මහතා පවසයි.


    සාමාන්‍ය නඩු සම්බන්ධයෙන් සැකකරුවන්, නිවැරදිකරුවන් වූ සහ වැරදිකරුවන් වූ නඩු වශයෙන් සංඛ්‍යාලේඛන පවත්වා ගෙන යන නමුත් එක් එක් වරද සම්බන්ධයෙන් සංඛ්‍යාලේඛන පවත්වා ගෙන යාමක් සිදු නොවන බවත් ඒ නිසා ළමා අපයෝජන සම්බන්ධයෙන් සාමාන්‍යයෙන් වරදකරුවන් බවට පත්වී ඇති සංඛ්‍යාව පිළිබඳව විස්තර ලබාදීමට හැකියාවක් නොමැති බව ද හකීම් මහතා පැවසීය.

    පාර්ලිමේන්තු මන්ත්‍රී රෝසි සේනානායක මහත්මිය විසින් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අද (09) පාර්ලිමේන්තුවේදී අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

    දැනට කාන්තා හා ළමා අපයෝජන ගැන විශේෂිත අධිකරණ කොළඹ හා යාපනයේ පවත්වා ගෙන යනු ඇත. කුරුණෑගල හා මහනුවරටත් ඉදිරියේදී ස්ථාපිත කිරීමට නියමිතය. තව අවුරුදු 02ක් හෝ 03කින් හැම පළාතකම මෙවැනි අධිකරණ පිහිටුවා ළමුන්ට සහන දෙමින් නිසියාකාරව නඩු විසඳන්න කටයුතු කරන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

     

    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya