අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සංවර්ධනයේ සැබෑ වෙනසක් මෙරටේ සිදුවෙනවා

    අප්‍රේල් 09, 2014

    අධිවේගී මාර්ග ඇතුළු සංවර්ධනයේ සැබෑ වෙනසක් කරමින් මෙරට ආර්ථිකය ශක්තිමත් කිරීමට 2005දී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා රට භාරගනිමින් කටයුතු කළ බව වරාය හා මහාමාර්ග ව්‍යාපෘති අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා අද (09) පාර්ලිමේන්තුවේදී බදු පනත් පිළිබඳ විවාදයට එක්වෙමින් පැවසීය.


    එක්සත් ජාතික පක්ෂය කාලේ රටේ යුද්ධක් නිර්මාණය වුණා. රට භීෂණයට ලක් වූ අතර 1994 සිට 2002 දක්වා අප මෙරට ආණ්ඩු කළත් ජනතාවට දැනෙන වෙනසක් සිදු වුණේ නැහැ.  ඒත් වසර කිහිපයක් තුළ මේ රජය වසර තිහක් පුරා තිබූ යුද්ධය නිමා කළ බව ඔහු සඳහන් කළේය.


    වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා "ඡන්දයෙන් රතු එළියක් වැටිලා කියලා එජාපය කියනවා. එජාපය කොළඹින් හය ලක්ෂ ගණනක් ඡන්ද ගත්තා. සන්ධානය ඊට වැඩි ඡන්ද ගණනක් ගත්තේ ජනතාවගේ කැමැත්ත නිසයි. මේ අය අසීරුවෙන් ජීවත් වෙනවා නම් ඡන්දය දෙනවාදැ?"යි අමාත්‍යවරයා ප්‍රශ්න කළේය.


    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya