මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පළමු පොපි මල ජනපතිට පළඳවයි

    ඔක්තෝබර් 26, 2021

    ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමය වාර්ෂිකව සංවිධානය කරන සන්නද්ධ හමුදා අනුස්මරණ පොපි මල් දින සැමරුමේ පළමු පොපි මල ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට පළඳවයි.

    ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමයේ සභාපති මේජර් ජෙනරාල් උපුල් පෙරේරා මහතා විසින් අද (26) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ජනාධිපතිතුමාට පොපි මල පළඳවනු ලැබීය.

    පොපි මල් අලෙවියෙන් ලැබෙන ආදායම විශ්‍රාමික හා ආබාධිත රණවිරුවන්ගේ සුබසාධනයට වෙන් කෙරේ.

    ශ්‍රී ලංකාවේ පොපි සැමරුම වර්ෂ 1944 දී ආරම්භ කොට ඇති අතර මෙවර පොපි මල් සැමරුම සිදුකරන්නේ 77වන වරට ය.

    පළමුවන හා දෙවන ලෝක යුද්ධයේ දී මෙන්ම පසුගිය තිස් වසරක් පුරා ශ්‍රී ලංකාවේ පැවති අභ්‍යන්තර යුද ගැටුම්වලදී ජීවිතය පූජා කළ වීරෝධාර රණවිරුවන් අනුස්මරණය කරමින් 2021 පොපි සැමරුම නොවැම්බර් මස 14 වන දින පෙරවරුවේ විහාරමහාදේවී උද්‍යානයේ ලෝක යුද විරු අනුස්මරණ ස්මාරකය අභියස දී පැවැත්වීමට නියමිතය.

    සෑම වසරකම නොවැම්බර් මස 11 වෙනිදා ලෝකයේ බොහෝ රටවල් පොපි සැමරුම සිදුකරන අතර
    ශ්‍රී ලංකාවේ ද නොවැම්බර් මස 11ට ආසන්න ඉරු දිනක මෙම සැමරුම පවත්වයි.

    ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමයේ මහ ලේකම් ලුතිතන් කර්නල් අජිත් සියඹලාපිටිය, භාණ්ඩාගාරික මේජර් ශාන්තිලාල් කංකානම්ගේ, අනුස්මරණ කමිටු සභාපති ලුතිතන් කර්නල් ඒ. දීපාල් සුබසිංහ යන මහත්වරු මෙම අවස්ථාවට එක්ව සිටියහ.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya