අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විශ්විද්‍යාල ප්‍රවේශයේ අභියාචනා සලකා බලන්නේ නිසි පරිදි සිදුකර ඇත්නම් පමණයි

    අගෝස්තු 21, 2014
    විශ්වවිද්‍යාලවලට ඇතුළත්වීම සඳහා අභියාචනයක් ඉදිරිපත් කිරීමේදී කරුණු 03ක් සැපිරිය යුතු බවත් නියමිත මුදල බැංකුවට ගෙවා ලබා ගත් කුවිතාන්සිය සමඟ අභියාචනයට හේතු දක්වා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම වෙත එය ඉදිරිපත් කළ යුතු බවත් උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පවසයි.


    අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (21) පාර්ලිමේන්තුවේදී විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් 23(2) යටතේ නගන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

     

    විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා උසස් පෙළ ප්‍රතිඵල නිකුත් වී අවම කඩඉම් ලකුණුවලට විශ්වවිද්‍යාලයට තෝරා ගත් පසු ඒ සඳහා අවස්ථාවක් නොතිබුණු විට අභියාචනයක් ඉදිරිපත් කරනු ඇත. මෙහිදී අභියාචනයෙන් පසු මන්ත්‍රීවරුන්ගෙන් ද ලිපි රාශියක් මේ පිළිබඳ ව ලැබෙන බවත් ඒවා අතරින් අභියාචනා ඉදිරිපත් කළ ළමුන් ගැන සඳහන් කර වැඩි ම ලිපි ප්‍රමාණයක් එවා ඇත්තේ එජාප මන්ත්‍රීවරුන් බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

     

    මානුෂීය ප්‍රශ්න හේතු කොට ගෙන රටේ සියලුම මහජන නියෝජිතයන්ගෙන් අභියාචනා සලකා බලන ලෙස ඉල්ලීම් එති. දේශපාලන ලියුම් ගැන මෙහිදී නොසලකයි. යම් සිසුවෙකු අදාළ පාඨමාලාව හැදෑරීමට එකඟ නැත්නම්, අදාළ ප්‍රායෝගික පරීක්ෂණයට පෙනී සිට නැත්නම් අභියාචනා ඉදිරිපත් කරනු ඇත. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමට නියමිත පරිදි සම්පූර්ණ කරන ලද ඉල්ලුම්පත්‍ර එවා නැත්නම් අදාළ ළමයා අභියාචනයක් ඉදිරිපත් කර තිබුණොත් ඒ ගැන සලකා බලනු ඇත.

      

    රුහුණු විශ්විවිද්‍යාලයේ සිසුවියක පිළිබඳ පැන නැගී ප්‍රශ්නය ගැන අදහස් දැක්වූ අමාත්‍යවරයා, ලකුණු ඇති ළමයෙකු ඉල්ලුම්පත්‍ර ඉදිරිපත් නොකිරීම හරිම විරලයි. පැහැදිලි, පිළිගත හැකි සාක්ෂි ඇතිව පවතින ප්‍රවේශය අනුව අභියාචනා ඉදිරිපත් කර ඇත්නම් ඒ පිළිබඳ සලකා බලයි. අදාළ ශිෂ්‍යාව නියමිත පරිදි විශ්වවිද්‍යාල කඩඉම් ලකුණු සපුරා ඇත. ඇය මානුෂීය හේතු මත ඇතුළත් කර ගත් අයෙකු නො වේ. අවම කඩඉම් ලකුණු වන 1.3 සපුරා ඇති අතර ඇයගේ ලකුණු මට්ටම 1.4ක් බැවින් උපරිම ලකුණු අනුව කලා අංශයට යොමු කළ බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

     

    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya