මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සම්බාහන මධ්‍යස්ථානයක් පවත්වාගෙන යාමට නීත්‍යනුකූල අවසරයක් ලබා ගත යුතුයි

    අගෝස්තු 21, 2014

    ශ්‍රී ලංකාව තුළ සම්බාහන මධ්‍යස්ථානයක් පවත්වාගෙන යාම සඳහා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය මඟින් නීත්‍යනුකූල අවසරයක් ලබා ගත යුතු බවත් එවැනි ආයතනයක් පවත්වාගෙන යාමේදී පිළිපැදිය යුතු නීතිරීති මාලාවක් හඳුන්වා දී ඇති බවත් දේශීය වෛද්‍ය අමාත්‍ය සාලින්ද දිසානායක මහතා පවසයි.


    අමාත්‍යවරයා මෙසේ පැවසුවේ එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර ජයමහ මහතා විසින් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අද (21) පාර්ලිමේන්තුවේදී අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

    දැනට සම්බාහන මධ්‍යස්ථාන 148ක් දිවයිනපුරා ලියාපදිංචි කර ඇත. ඉන් කුරුණෑගල 02ක් හා අනුරාධපුර 10ක් ස්ථාපිතයි. සම්බාහන මධ්‍යස්ථානවල සිදු වන ක්‍රියාදාමය පරීක්ෂාව හා නියාමනය ආයුර්වේද දෙපාර්තමේන්තුව හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය මඟින් සිදු කෙරේ. ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ව්‍යාපාර ලෙස ලියාපදිංචි කර ඇති මධ්‍යස්ථාන නියාමනය කිරීමට තම අමාත්‍යාංශයට අවසරයක් නැති බව  ද ඔහු පෙන්වා දුන්නේය.

     

    ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කරන සම්බාහන මධ්‍යස්ථාන ගැන වගකීම තම අමාත්‍යාංශය භාර ගන්නා බව ද ඔහු අවධාරණය කළේය.

     

    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya