අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කැලණියට ඉංජිනේරු පීඨයක් - අක්කර 9ක් මිලට ගනී

    අගෝස්තු 21, 2014
    කැලණිය විශ්වවිද්‍යාලයේ දේශන ශාලා, පුස්තකාල පහසුකම් පිළිබඳ ගැටලුවක් නැති අතර හැම පීඨයකම අලුත් ගොඩනැගිලි ඉදිවෙමින් පවතින බවත් මේ විශ්වවිද්‍යාලය සඳහා ඇති භූමියේ ප්‍රශ්නය විසඳමින් අලුතින ඉඩම් අක්කර 09ක් මිලට ගන්නා අතර එහි ඉංජිනේරු පීඨයක් සෑදීමට කටයුතු කරන බවත් උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පවසයි.


    අමාත්‍යවරයා මෙසේ පැවසුවේ අද (21) පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා විසින් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

    මේ වන විට කැලණිය විශ්වවිද්‍යාලයේ අභ්‍යන්තර හා බාහිර ශිෂ්‍ය ශිෂ්‍යාවන් 91,446 දෙනෙකු අධ්‍යාපනය හදාරති. ඉන් 8659 දෙනෙක් සාමාන්‍ය උපාධිය හදාරති. 2595ක් පශ්චාත් උපාධියත් 80,192ක් බාහිර උපාධිය හදාරණ පිරිස වෙති. පීඨ 06කින් සමන්විත මේ විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කාර්ය මණ්ඩලය 558 දෙනෙකුගෙන් සමන්විත බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    NDH/HC

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya