මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    1987 සිට 2013 දක්වා HIV ආසාදිතයන් 1845ක් වාර්තා වී තිබෙනවා

    අගෝස්තු 21, 2014
    ශ්‍රී ලංකාවේ මුල්ම HIV ආසාදිතයා 1987 දී ශ්‍රී ජයවර්ධනපුර රෝහලෙන් වාර්තා වූ අතර එදින සිට 2013 දක්වා HIV ආසාදිතයන් සංඛ්‍යාව 1845ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලලිත් දිසානායක මහතා පවසයි.


    අමාත්‍යවරයා මෙසේ පැවසුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී පී. හැරිසන් මහතා විසින් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අද (21) පාර්ලිමේන්තුවේදී අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

     

    ගම්පහ හා කොළඹ දිස්ත්‍රික්කවලින් HIV ආසාදිතයන්ගේ සංඛ්‍යාවේ වැඩිවීමක් දැකිය හැක. මේ ආසාදිතයන්ගෙන් 60%ක් පුරුෂ පක්ෂය වන අතර 40%ක් කාන්තාවන්ය. අනාරක්ෂිත ලිංගික සම්බන්ධතා, අසාදිත ගැබිනි මවගෙන් දරුවාට, හවුලේ මත්ද්‍රව්‍ය භාවිතය නිසා සිරිංජර් මාර්ගයෙන් HIV රෝගය පැතිර යාමට හේතු වේ. මේ සඳහා රජය මඟින් වැඩසටහන් රැසක් ක්‍රියාවට නංවා ඇත. රජය මඟින් හඳුනාගත් HIV ආසාදිතයන්ට ප්‍රතිකාර කිරීම, පරීක්ෂාව හා උපදේශන සේවා ක්‍රියාත්මක කර ඇත. අපරික්ෂාකාරී ලිංගික සබඳතා පැවත්වූවන් හඳුනාගෙන සායනවලට ගෙන්වීම, වැළඳී ඇති පිරිස වෙනුවෙන් සායන 12ක් මඟින් ප්‍රතිජීවක ඖෂධ ලබාදීම, සෑම ගර්භනී මවකටම HIV රුධිර පරීක්ෂාව සිදු කිරීමක්ද සිදු වන බව අමාත්‍යවරයා පැවසීය.

     

    බන්ධනාගාර රැඳවියන් සඳහා ද සායන පැවැත්වේ. පාසල් ළමුන් දැනුවත් කිරීම, රුධිර පරිත්‍යාගශීලීන් පෙර පරීක්ෂාව මඟින් ද HIV රෝගයට ගොදුරුවීම වැළැක්වීමට රජය පියවර ගෙන තිබේ. එසේ හඳුනාගත් පිරිස සායන සඳහා යොමු කරන අතර ආසාදිත මව හා දරුවන් වෙනුවෙන් ප්‍රතිඖෂධ ලබා දෙමින් රෝගය පාලනය කිරීමට පියවර ගන්නා බව ද අමාත්‍යවරයා අවධාරණය කළේය.

     

    NDH/HC

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya