අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ත්‍රස්තවාදය හෝ අන්තවාදය හෝ පෝෂණය කරනු ලබන සියලුම මාර්ග සහ ක්‍රියාකාරකම් අහුරාලීමට අවශ්‍ය නිශ්චිත පියවර ගැනීමට අප රජය පසුබට වී නැත- ජනාධිපති

    ඔක්තෝබර් 04, 2020

    ජාතික ආරක්ෂාව තහවුරු කිරීම මාගේ රජයේ පළමු සහ ප්‍රධාන වගකීමයි. එය සාක්ෂාත් කිරීම සඳහා දැනටමත් නිසි පියවර ක්‍රියාත්මක කර ඇත යනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය නිල ෆේස් බුක් අඩවියේ සටහනක් තබමින් කියා සිටියි.

     

    එම සටහන මෙසේ ය

     

    ''ජාතික ආරක්ෂාව තහවුරු කිරීම මාගේ රජයේ පළමු සහ ප්‍රධාන වගකීමයි. එය සාක්ෂාත් කිරීම සඳහා දැනටමත් නිසි පියවර ක්‍රියාත්මක කර ඇත.
    මේ භූමිය මත ජනවාර්ගික, ආගමික හෝ වෙනත් කවර ආකාරයකවත් ත්‍රස්තවාදයකට හෝ අන්තාවදයකට ඉඩ නොතබන අතර සෑම පුරවැසියෙකුටම බියෙන් සහ සැකයෙන් තොරව ජීවත්වීම සඳහා ඇති අයිතිය සම්පූර්ණයෙන්ම ආරක්ෂා කරන බව සහතික වන්නෙමි.
    2019 අප්‍රේල් මස 21 වැනි දින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාරයට හේතු වූයේ ආරක්ෂක කේෂ්ත්‍රයේ සිදු වූ බරපතල කඩාවැටීමත්, ත්‍රස්තවාදයට සහ අන්තවාදයට උඩගෙඩිදෙන දේශපාලන හා සමාජ පසුබිමක් ශ්‍රී ලංකාව තුල ගොඩනැගී තිබීමත්ය. එබැවින් ත්‍රස්තවාදය හෝ අන්තවාදය හෝ පෝෂණය කරනු ලබන සියලුම මාර්ග සහ ක්‍රියාකාරකම් අහුරාලීමට අවශ්‍ය නිශ්චිත පියවර ගැනීමට අප රජය පසුබට වී නැත.
    පාස්කු ප්‍රහාරය ගැන ජනාධිපති කොමිසමක් මඟින් පූර්ණ විභාගයක් සිදු කෙරෙමින් පවතී. එමෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අඛණ්ඩව පරීක්ෂණ සිදුකරමින් සිටී.
    එම විභාග සහ පරීක්ෂණ වලට අනතුරුව දැඩිව නීතිය ක්‍රියාත්මක කරනු ඇත.
    පසුගිය කාලයේ සිදුවූ ආකාරයට පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට හෝ අත්තනෝමතිකව නිදහස් කිරීමේ බලය දේශපාලනඥයින් අතට පත්කිරීමට මා සූදානම් නැත. එය නිසි පරීක්ෂණ වලින් පසු අදාළ බලධාරීන් විසින් නීත්‍යානුකූලව ඉටුකෙරෙනු ඇත.
    අදාළ බලධාරීන් හෝ නිලධාරීන් අතින් යම් අතපසුවීමක් හෝ අත්වැරැද්දක් වී ඇත්නම් ඒවා නිවැරදි කිරීමට ද මම කටයුතු කරමි.
    රිෂාඩ් බදුර්දීන් මන්ත්‍රීවරයා සමඟ කිසිදු දේශපාලන ගණුදෙණුවක් (ඩීල් එකක්) අප රජය ඇතිකරගෙන නොමැති බැව් අවධාරණය කරමි.
    මෙතෙක් කල් ජනතාව මා කෙරෙහි තැබූ විශ්වාසය කිසිසේත් පළුදු වන ආකාරයට කටයුතු නොකරන අතර ඉදිරියේදී ද එම විශ්වාසය තවදුරටත් තහවුරු වන පරිදි ක්‍රියාකරන බැව් ජනතාවට සහතික කරමි.


    நமது நாட்டின் தேசிய பாதுகாப்பை உறுதி செய்வது எனது அரசாங்கத்தின் முதல் மற்றும் முக்கிய பொறுப்பாகும்.
    கடந்த காலங்களில் நடந்ததைப் போல, மக்களை கைது செய்யும் அல்லது விடுவிக்கும் அதிகாரத்தை அரசியல்வாதிகளிடம் ஒப்படைக்க நான் தயாராக இல்லை.
    அத்துடன் சம்பந்தப்பட்ட அதிகாரிகள் அல்லது திணைக்களங்கள் விடும் குறைபாடுகள் அல்லது தவறுகளை சரிசெய்ய நடவடிக்கை எடுப்பேன்.
    பாராளுமன்ற உறுப்பினர் ரிஷாத் பதியுதீனுடன் எங்கள் அரசாங்கம் எந்த அரசியல் ஒப்பந்தத்திலும் ஈடுபடவில்லை என்பதை நான் உறுதிபட தெரிவித்துக் கொள்கின்றேன்.
    என்மீது நம் நாட்டு மக்கள் இதுவரை வைத்திருந்த நம்பிக்கையை வீணாகாமல் என்றும், அந்த நம்பிக்கையை மேலும் வலுப்படுத்த நான் தொடர்ந்து பணியாற்றுவேன் என்றும் மக்களுக்கு உறுதியளிக்கிறேன்.


    Ensuring national security is the first and foremost responsibility of my government.
    I am not prepared to hand over the power of arresting or arbitrarily releasing people to politicians, as happened in the past.
    I will also take actions to rectify any omissions or mistakes made by the relevant authorities or officials.
    I emphasize that our government has not entered into any political deal with Parliament member Rishad Badurdeen.
    I assure my citizens that I will not forsake the trust that they have placed in me and I will most certainly continue to work towards strengthening the built trust.''


     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya