අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අග්‍රාමාත්‍යතුමා “අමාදම් සිසිලස” 202 වැන්නට එක්වෙයි

    ඔක්තෝබර් 01, 2020

    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සංකල්පයකට අනුව සෑම පුන් පොහෝ දිනකම පවත්වන “අමාදම් සිසිලස” ධර්ම දේශනා මාලාවේ 202 වැන්න අද 2020.10.01 දින අරලියගහ  මන්දිරයේදී පැවැත්විණි.


    බුදු දහමේ සිසිලස සකළ ලෝ වැසියන්ට බෙදා දීමේ උදාර අරමුණ පෙරදැරිකර පවත්වන මෙම ධර්ම දේශනා මාලාවේ මෙවර ධර්ම දේශනාව පැවැත්වූයේ බලංගොඩ බෙලිහුල් ඔය අරණ්‍ය  සේනාසනවාසී ත්‍රිපිටකාචාර්ය කථිකාචාර්ය රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති බලංගොඩ රාධ ස්වාමීන් වහන්සේ විසිනි.

    “මේ වගේ බණ මඩුවක මිනිස්සු එක්කෙනෙක් දෙන්නෙක්වත් දකින්න නැති යුගයක් අපිට තිබුණා. මිනිස්සු පණ බයේ ගෙයින් එළියට බහින්න බැරි, ලෙයින් මහ පොළව තෙත් වූ, වෙසක්  පෝය, පොසොන් පෝය දවසේ එළියට බහින්න බැරි ඉතිහාසයක් අපිට තිබුණා. 30 වසරක මහා යුද්ධයකින් මේ රටේ සියලු ජාතීන්ගේ සමඟිය නැති වෙලා ගියා. ඒ අවාසනාවන්ත යුගය නිමා  කරන්නට අපේ ජාතියේ පිනට පහල වූ පිංවත් අගමැති මහින්ද රාජපක්ෂ මැතිතුමාට එදා ජනාධිපතිතුමා හැටියට අභීත තීරණ අරගෙන, වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ  එකතු වෙලා ත්‍රිවිධ හමුදාව හා පොලීසියේ සහය ඇතිව සටන් කරලා අපේ ජාතියට, අපේ රටට නිදහස ලබා දීම අපි කෘතවේදීත්වයෙන් සිහිපත් කරනවා. අඳුරු ඉතිහාසය මකා දමා ලංකා ධරණි  තලය එක් සේසත් කළ පිංවත් අග්‍රාමාත්‍යතුමාට නිදුක් නිරෝගී සුවය ලැබේවා” යැයි රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති බලංගොඩ රාධ ස්වාමීන් වහන්සේ පැවසූහ. 

    අමාදම් සිසිලස ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා, ආර්යා ශිරන්ති රාජපක්ෂ මැතිනිය, මැති ඇමතිවරුන්, සැදැහැවතුන් රැසක් එක්ව සිටියහ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya