ඉතා කුඩා පරාසයක ඇති අපනයන ක්ෂේත්‍රය අන්තර්ජාතික වෙළෙඳපොළ ඉලක්ක කෙට පුළුල් පරාසයකට රැගෙන ගොස් ප්‍රතිඵල පෙන්වීම අපනයකරුවන් ඉදිරියේ ඇති අභියෝගය බව එතුමා පවසයි.
රට යථා තත්වයට පත්වෙමින් තිබියදී ආර්ථික පුනර්ජීවනය සඳහා රජය ගෙනයන වැඩපිළිවෙළ පැහැදිළි කිරීමත්, අපනයන ව්‍යාපාර මුහුණදෙන ප්‍රශ්න හා ගැටළු හඳුනාගැනීමත් සඳහා ක්ෂේත්‍රයේ ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයන් සමග (11) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ හමුවේදී ජනාධිපතිතුමා එසේ සඳහන් කළේය.
කොවිඩ් 19 වසංගත ව්‍යාප්තිය නිසා ආර්ථිකයේ සෑම ක්ෂේත්‍රයකම පසුබැසීමක් ඇතිවිය. රෝගය මර්දනය කොට රට යථා තත්වයට ගෙන ඒමට පියවර ගැනීමත් සමග අපේක්ෂා ඉක්මවා ආර්ථිකය ගොඩනැගෙමින් පවතින බව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.
ඩොලර් බිලියනයකට වැඩි විනිමය ආදායමක් උපයන්නේ අපනයන ව්‍යාපාර කිහිපයක් පමණි. එහෙත් එය වැඩි පරාසයකට ව්‍යාප්ත කිරීමේ හැකියාව පවතින බව ජනාධිපතිතුමා කීය.
කුරුඳු, කරාබු නැටි, සාදික්කා වැනි කෘෂි අපනයනවලට අගය එකතු කිරීමෙන් ඉහළ ආදායමක් උපයා ගැනීමට පිළිවන. කොවිඩ් 19 පැතිරයාමත් සමග ලෝක ආර්ථිකය තුළ නව වෙළෙඳපොළක් බිහි වී තිබේ. මැද පෙරදිග, චීනය සහ ඉන්දියාව ඇතුළු ආසියා කලාපයේ විශාල වෙළෙඳ පොළක් නිර්මාණය වෙමින් පවතී. කළමනාකරණයේ සහ අළෙවිකරණයේ පුළුල් දැනුමක් ඇති අපේ අපනයනකරුවන්ට නව වෙළෙඳපොළ අත්කර ගැනීමේ හැකියාව ඉතා හොඳින් ඇතැයි තමා තරයේ විශ්වාස කරන බව ජනාධිපතිතුමා සඳහන් කළේය.
නව ජවයකින් යුතුව මේ විභවතාව උපයෝගීකර ගනිමින් ආර්ථිකය කඩිනමින් ශක්තිමත් කිරීමේ වගකීම ද අපනයනකරුවන් සතු බව ජනාධිපතිතුමා අවධාරණය කළේය.
කුඩා රටක් වුවත් රජය අධ්‍යාපන සහ සෞඛ්‍ය ක්ෂේත්‍රවලට වැඩි ආයෝජනයක් කරයි. කොවිඩ් 19ට සාර්ථකව මුහුණදීමට හැකිවූයේ එබැවිනි. මෙරට නිෂ්පාදනය කළ හැකි කෘෂි බෝග සහ අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය නතර කිරීමෙන් විනිමය අනුපාතය පාලනය කර ගැනීමටත්, ගොවියා ආරක්ෂා කර ගැනීමටත් රජයට හැකි වූ බව ජනාධිපතිතුමා පැවසීය.
ආර්ථික පුනරුදය සඳහා රාජ්‍ය, පෞද්ගලික දෙඅංශයේම බැංකුවල දායකත්වය පිළිබඳ විවේචනයක් සමාජය තුළ පවතී. ව්‍යාපාර සඳහා මෙන්ම ජනතාවගේ සුබසාධනය පිණිස රජය දෙන සහන බැංකු මගින් සමාජයට ගලා නොයන බව පෙනී යයි. එය වහාම විසඳිය යුතු ගැටළුවක් බවත්, මහ බැංකුවේ හෝ රජයේ බැංකුවල නිලධාරීන් රජය දෙන උපදෙස් ක්‍රියාත්මක නොකරන්නේ නම් ඔවුන් ඉවත්කර වැඩකරන පිරිසත් සමග රටේ අවශ්‍යතාව ඉටුකිරීමට පසුබට නොවන බවද ජනාධිපතිතුමා අවධාරණය කළේය.
අවපාතය ජය ගැනීමට සාම්ප්‍රාදයික චින්තනයෙන් හා වැඩ රටාවෙන් බැහැරව නොබියව තීරණ ගන්නා බව ද රාජපක්ෂ මැතිතුමා කීය.
ඇතැම් අපනයන බෝග සඳහා පොහොර නොලැබීම සහ සත්ව නිෂ්පාදනයේදී සත්ව ආහාර හිඟය පිළිබඳව ව්‍යාපාරිකයෝ පෙන්වා දුන්හ. ගැටළු විසඳීමට දැනටමත් පියවර ගෙන ඇති බව ජනාධිපතිතුමා සඳහන් කළේය. වරාය, ගුවන්තොටුපොළ, ආයෝජන මණ්ඩලය, රේගුව ඇතුළු අපනයන ක්‍රියාවලියට ඝෘජුව දායකවන ආයතන සහ ප්‍රධානීන් දෙන සහාය ඉතිහාසයේ පෙර නොවූ විරූ තරම් බව අපනයන ව්‍යාපාරිකයෝ කීහ. ඒ සඳහා ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතාගෙන් ලැබෙන සහායද ඔවුන්ගේ ප්‍රශංසාවට ලක් විය.
පොල්, පොල්තෙල් හා පොල් ආශ්‍රිත නිෂ්පාදන, තේ, ඇඟළුම්, එළවළු, පළතුරු, රබර් හා ආශ්‍රිත නිෂ්පාදන, තොරතුරු තාක්ෂණය, මුහුදු ආහාර, ගම්මිරිස් ඇතුළු සුළු භෝග අපනයනය හා බැඳුණු ගැටළු දීර්ග සාකච්ඡාවට ලක් කෙරිණ. අපනයන විවිධාංගීකරණය අවශ්‍යයෙන්ම කළ යුතු කාර්යයක් ලෙස හඳුනාගන්නා ලදී.
ප්‍රති අපනයනයට අවශ්‍ය ඇතැම් අමුද්‍රව්‍ය ආනයනය කළයුතුව තිබේ. එය කළයුත්තේ දේශීය ගොවීන් ආරක්ෂා කරමින් හා ශක්තිමත් කරමින් බව බැසිල් රාජපක්ෂ මහතා අවධාරණය කළේය.
පාරිභෝජනය සඳහා අවශ්‍ය පොල් ගෙවත්තෙන්ම සපයා ගැනීම රජයේ ඉලක්කයයි. ලෝක වෙළෙඳ පොළේ පොල් කර්මාන්තය ආශ්‍රිත අපනයන සඳහා ඉහළ ඉල්ලුමක් පවතී. එබැවින් පොල්වතු ආරක්ෂා කර ගනිමින් උතුරු පළාතේ මෙන්ම සෙසු පළාත්වලද පොල් කර්මාන්තය නගා සිටුවීමට රජය පියවර ගෙන තිබේ. ගොවි අස්වනු පිළිබඳව තාක්ෂණික ක්‍රමවේද මගින් තොරතුරු රැස් කිරීමෙන් අපනයනකරුවන්ට ඒවා මිලදී ගැනීම පහසුවන බව අපනයනකරුවෝ පෙන්වා දුන්හ.
තාක්ෂණික උපාංග ගෙන්වා එකලස් කිරීමෙන් අඩු වියදමකින් පරිගණක, ලැප්ටොප්, ජංගම දුරකථන ඇතුළු නිෂ්පාදන රැසක් මෙරටදීම කළහැකි බව ද ආයෝජකයන් පෙන්වා දුන් අතර, ඊට සහාය වීමට ජනාධිපතිතුමා එකඟ විය.
රමේෂ් පතිරණ, ප්‍රසන්න රණතුංග අමාත්‍යවරු ද, ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර යන මහත්වරු සහ තේ, රබර්, පොල්, ඇගළුම්, එළවළු, පළතුරු, කුළු බඩු ආදී ක්ෂේත්‍ර ගණනාවක ප්‍රධානපෙළේ අපනයන ව්‍යාපාරිකයෝ, රාජ්‍ය බැංකු ඇතුළු ආනයන, අපනයන වෙළෙඳාමට සම්බන්ධ ආයතන ප්‍රධානීහූ හමුවට එක්ව සිටියහ.