අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ටියුඩර් දයාරත්න දේශපාලනය කළේ ජනතා සුබ සාධනයටයි

    ජූලි 25, 2014
    ටියුඩර් දයාරත්න මහතා දේශපාලනය කළේ ජනතා සුබ සාධනයට මිස පෞද්ගලික කාරණාවලට නොවන බවත් පුංචි මිනිසෙක් ලෙස දේශපාලනයේදී ලොකු වැඩක් කළ බවත් සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.


    අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (25) පාර්ලිමේන්තුවේදී හිටපු අමාත්‍යවරුන් වූ ටියුඩර් දයාරත්න සහ ආර්.එම්. අප්පුහාමි යන මහත්වරුන්ගේ අභාවයන් පිළිබඳව ශෝකය පළ කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

     

    ටියුඩර් දයාරත්න මහතා මගේ දිගුකාලීන මිතුරෙකි. එතුමා දේශපාලනය; බලය සහ ධනය වෙනුවෙන් යෙද වූයේ නැහැ. පළාත් සභාව පාර්ලිමේන්තුව හරහා සුවිශේෂී ජනතා සේවයක් ඉටු කළ එතුමා පක්ෂ නායකයන් සමඟ සුහදව, සමීපව කටයුතු කළා. එතුමා සෑම මොහොතකම ජනතාව ගැනයි සිතුවේ. ඒ වගේම තම වගකීම නිවැරදිව ඉටු කළා. එතුමාගේ අභාවය බරපතළ පාඩුවක්. එතුමා මගේ මිත්‍රයෙක්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්වරයා ලෙස ටියුඩර් දයාරත්න මහතාගේ අභාවය වෙනුවෙන් මා ශෝකය පළ කරනවා යැයි ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

     

    NDH/HC

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya