අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නීතිඥ සංගමයේ සභාපති ලුහුබැඳ ආ බව කියන සිද්ධිය ගැන පූර්ණ විමර්ශනයක්

    ජූලි 25, 2014
    නීතිඥ සංගමයේ සභාපති උපුල් ජයසූරිය මහතා පසුපස හඹා ආ බව කියන යතුරුපැදිවලට යොදා ඇති අංක ව්‍යාජ ඒවා බවට තොරතුරු අනාවරණය වී ඇතැයි අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මහතා පවසයි.


    මුහුණු ආවරණ පරිදි හිස් ආවරණ පැළඳ, යතුරු පැදියකින් නීතිඥ උපුල් ජයසූරිය මහතා ලුහුබැඳ ආ බව කියන දෙදෙනෙකු ගැන විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද (25) පාර්ලිමේන්තුවේදී ස්ථාවර නියෝග 23(2) යටතේ අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ ය. 


    එහෙත් එම වාහනවල පැමිණියේ කවුරුන්ද? පැමිණියේ කුමන කාරණයක් උදෙසාද? යන්න මේ දක්වා අනාවරණය වී නැති බව කී අග්‍රාමාත්‍යවරයා මේ පිළිබඳව ජයසූරිය මහතා කර ඇති පැමිණිල්ල සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් කරන බවද කීය.

     

    මේ විමර්ශනයේ තොරතුරු කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට වාර්තා කර ඇති බවත් ජයසූරිය මහතා පදිංචි නිවස හා ඒ අවට මුර සංචාරයක සේවා යොදා ඇති බව එතුමා පෙන්වා දුන්නේය.

     

    ජයසූරිය මහතාගේ වාහනය පසුපස පැමිණි යතුරු පැදිය හා ත්‍රීරෝද රථය සඳහා භාවිත කළ අංකය මොටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මඟින් නිකුත් කළ එකක් නොවන බව අනාවරණය වී ඇති බව කී අග්‍රාමාත්‍යවරයා අදාළ පැමිණිල්ල පිළිබඳව පුළුල් විමර්ශනයක් කරන බව ද පැවසීය. 

     

    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya