මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අගෝස්තු මාසය වන විට  ගොඩ ගැසී ඇති සියලුම රියදුරු බලපත් නිකුත් කර අවසන් කරනවා - ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා

    අප්‍රේල් 25, 2024

    එළඹෙන අගෝස්තු මාසය වන විට  ගොඩ ගැසී ඇති සියලුම රියදුරු බලපත් නිකුත් කර අවසන් කරන බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.  මෝටර් වාහන පනත යටතේ නියෝග දෙකක් පිළිබඳ අද(25) පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

    වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා පැවසුවේ,.

    මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව රාජ්‍ය ආයතනවලට විශාල මුදලක් ඉතිරි කරන ආයතනයක්. මෙරටට ගෙන්වන වාහන ලියාපදිංචි කිරීම, රියදුරු බලපත් ලබා දීම තමයි  මෙම ආයතනෙය් ප්‍රධාන ආදායම් මාර්ගය. රේගු,සුරාබදු දෙපාර්තමේන්තුද මේ සඳහා විශාල දායකත්වයක් ලබා දෙනවා.  ඉතාම කෙටි කාලයක් තුළදී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු ඩිජිටල්කරණය කළ යුතු බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.එසේ කිරීමෙන් මෙම ආයතනයේ ආදායම දෙගුණයක් දක්වා වැඩිකළ හැකි බවද හෙතෙම පෙන්වා දුන්නේය. මෙම ආයතන වල සිදුවන හොර කම් සහ වංචා දූෂණ නැති වන්නේ එසේ කළොත් පමණක් බවද හෙතෙම පෙන්වා දුන්නේය. නමුත් ජාවාරම්කරුවන් සහ ඇතැම් නිලධාරින් මේ සඳහා ඉඩ ලබා දෙන්නේ නැතැයිද පැවසීය.

    මෙම දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් විවිධ විවේඡන එල්ල වෙනවා. වරක් මෝටර්රථ දෙපාර්තමේන්තුවේ රියදුරු බලපත් නිකුත් කිරීමේ යුධ හමුදාවට ලබා දුන්නා. මෙවැනි විවිධ ක්‍රමවේද අනුගමනය කළා.මෙම ආයතන ප්‍රධාන ආදායම්  උපයන ආයතන. ඉදිරියේදී මෝටර්රථ ලියාපදිංචි කිරීමේදී අංක තහඩු ලබා දෙන ක්‍රමවේදයද වෙනස් කරන බව හෙතෙම පැවසීය. අපේ රටට රාජ්‍ය ආදායම පිළිබඳ දැවැන්ත අර්බුදයක් තිබෙනවා. නිදහසෙන් පසු  ආණ්ඩුව එදිනෙදා පවත්වාගෙන යාමට අවශ්‍ය මුදල්  එකතු කර ගැනීමට අපට නොහැකි වී තිබෙනවා

    මොනම හේතුවක් නිසාවත් මුදල් අච්චු ගහන්න බැහැ. තවමත් ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය අවසන් වී නැහැ. කවුරු මේ රටේ ආණ්ඩු කළත් විදේශ ණය ගෙවා ගැනීම පිළිබඳ නීතියක් මෙම පාර්ලිමේන්තුව තුළ සම්මත කර ගත යුතු වෙනවා.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya