නොවැම්බර් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජල ගාස්තු වැඩිකිරීමේ කිසිම අපේක්ෂාවක් නැහැ

    ජූලි 25, 2014

    පානීය ජලයේ මිල වැඩිකිරීමට ජල සම්පාදන මණ්ඩලයේ කිසිදු අපේක්ෂාවක් නොමැති බවත් ලංකාවේ වැඩිපුර ම ජලය හොරෙන් ගන්නේ උතුරු කොළඹ ප්‍රදේශයේ බවත් ජල සම්පාදන හා ජලාපවහන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.


    අමාත්‍යවරයා මේ බව පැවසුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා විසින් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අද (25) පාර්ලිමේන්තුවේදී අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු වශයෙනි.


    වසර 2015දී රුපියල් මිලියන 1099ක් ද 2016දී රුපියල් මිලියන 972ක් ද පෙර බදු ලාභයක් ජල සම්පාදන මණ්ඩලය අපේක්ෂා කරයි. ඒ අනුව 2015 රුපියල් මිලියන 1030ක හා 2016දී රුපියල් මිලියන 893ක පසු බදු ලාභයක් බලාපොරොත්තු වේ. ජල සම්පාදන මණ්ඩලය 2014 මාර්තු 31න් අවසන් වන කාර්තුව සඳහා රුපියල් මිලියන 291ක පසු බදු ලාභයක් උපයා ඇති බව ඔහු කීය.

     

    විශ්‍රාම ගැන්වීම් හා ඉල්ලා අස්වීම් නිසා ඇති වූ සුළු පුරප්පාඩු සංඛ්‍යාවක් හැර දැනට ජල සම්පාදන මණ්ඩලයේ සේවක අතිරික්තයක් හෝ සේවක හිඟයක් නොමැත. 10117 දෙනෙකු මෙහි සේවයේ නියුතුව සිටින බව ද ඔහු පෙන්වා දුන්නේය.   

     

    අවුරුදු 2 1/2කින් ජල බිල වැඩි කර නැත. විදුලි බිල ඇතුළු සියලු ගාස්තු වැඩි වුණත් ජල සම්පාදන මණ්ඩලය මෙය නියමිත පරිදි පාලනය කර ගෙන යයි. මණ්ඩලය සිය ලාභය වැඩිකර ගත්තේ ලක්ෂ 9ක් වූ ජල පාරිභෝගිකයන්ගේ ප්‍රමාණය ලක්ෂ 18 දක්වා වැඩිකර ගැනීමෙනි. මණ්ඩලයට ලැබෙන ආදායම වේගයෙන් වැඩි වී ඇති නිසා රැකියා ද උත්පාදනය වී ඇතැයි අමාත්‍යවරයා සඳහන් කළේය.

     

    කොළඹ මහ නගර සභාව යටතේ ජලය බෙදාහැරීම කළ උතුරු කොළඹ  ප්‍රදේශයේ ජලය හොරා ගැනීම නතර කිරීමට එම ප්‍රදේශයේ බෙදාහැරීම මණ්ඩලයට පවරා ගෙන රුපියල් බිලියන 2.2ක් වැය කර අලුතින් නළ එළීම ලබන මස ආරම්භ කරන බව කී  ගුණවර්ධන මහතා මේ අනුව රුපියල් බිලියන 1.5ක් අලුතින් ආදායමක් උපයා ගැනීමට අපේක්ෂිත බවත් මෙය ජාතික ආදායමට විශාල මුදලක් වන බවත් ප්‍රකාශ කළේය.

     

    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya