අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජල සම්පාදන මණ්ඩලයෙන් බෙදාහරින ජලය ඉතාම පිරිසිදුයි

    ජූලි 25, 2014
    (දෙවන යාවත්කාලීන කිරීම) ජල සම්පාදන මණ්ඩලයෙන් බෙදාහරින ජලය ඉතාම පිරිසිදු බව වගකීමෙන් ප්‍රකාශ කරනවා යැයි ජලසම්පාදන හා ජලාපවහන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

    අමාත්‍යවරයා අද (25) පාර්ලිමේන්තුවේදී මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා විසින් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මෙසේ කීය.

     

     
    පානීය ජලය අපවිත්‍ර බව කීම බරපතළයි. මා එය තරයේ ප්‍රතික්ෂේප කරනවා. ජනතාව කලබල කිරීමට මෙවැනි දේ කීම සුදුසු නැහැ. 2000-2005 අදියර 1 ග්‍රේටර් කැන්ඩි, මහනුවර උතුර, හාරිස්පත්තුව සහ ගොහාගොඩ ජලපොම්පාගාර ඔස්සේ බෙදාහරින පානීය ජලය අතිශයින්ම පිරිසිදුයි. මෙම ජලපොම්පාගාර සඳහා දිනකට මහවැලි ගඟෙන් ඝන මීටර් 45000ක ජල ප්‍රමාණයක් ලබා ගන්නවා. ඒ අනුව ප්‍රදේශයේ පාරිභෝගිකයන් 46557ක් සඳහා ජලය ලබාදිය හැකිවෙනවා. අහිතකර බැක්ටීරියා කිසිවක් එම ජල මූලාශ්‍ර හා මිශ්‍ර නොවන බවත් වගකීමෙන් යුතුව පවසනවා. මෙවැනි ප්‍රකාශ තරයේ ප්‍රතික්ෂේප කරනවා යැයි ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

     


    නිරන්තරයෙන් ජල සාම්පල පරීක්ෂාවට ලක්කෙරෙන හෙයින් සිරුරට අහිතකර කිසිදු රසායන ද්‍රව්‍යයක් හෝ බැක්ටීරියාවක් එකී පානීය ජලයට එක්වීමට අවස්ථාවක් නොමැති බවත්, සැක සහිත ජල සාම්පල හමු වුවහොත් ප්‍රාදේශීය මධ්‍යස්ථාන කිහිපයකදී මෙන්ම කොළඹ ප්‍රධාන මධ්‍යස්ථානයට ගෙන්වා ද පරීක්ෂණ සිදු කරන බවත් අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.



    NDH/UW/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya