මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගුරු විදුහල්පති වැටුප් විෂමතාවයක් තිබෙන බව පිළිගන්නවා- එම ගැටලුව විසඳීම සඳහා හැකි ඉක්මනින් අමාත්‍ය මණ්ඩල සංදේශය ඉදිරිපත් කරනවා - අධ්‍යාපන ඇමති

    අප්‍රේල් 25, 2024

    රජයේ පාසල්වල ගුරුවරුන් සහ විදුහල්පතිවරුන්ගේ  වැටුප් විෂමතා ගැටලු‍වක් තිබෙන බවත් එම ගැටලුව විසඳීම සඳහා අවශ්‍ය වාර්තා සකස් කර, හැකි ඉක්මනින් අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පැවසීය. ගුරුවරුන් සහ විදුහල්පතිවරුන්ගේ  වැටුප් විෂමතා ගැටලු‍ව  සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශයේ  ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරියක විසින් ගුරු සංගම් වෙත යැවූ ලිපියක් සම්බන්ධයෙන්  විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස  යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය

    .

     වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා පැවසුවේ,

    ගුරු විදුහල්පති වැටුප් විෂමතාවයක් තිබෙන බව පිළිගන්නවා. මෙය එක රජයක් යටතේ සිදු වූ දෙයක් නෙවෙයි. මෙම ගැටලුව වසර 29ක් තිස්සේ තිබෙනවා.  2021-2022 වර්ෂවල ගුරුවරු දැඩි සටන් ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වුණා. ගුරුවරු ඉගැන්වීම් කාර්යයෙන් පවා ඉවත් වුණා. ඒ අනුව එවකට සිටි රජය ඇමති අනුකමිටුවක් පිහිටුවා කොටස් වශයෙන්  වැටුප් වැඩි කරමින් මෙම ගැටලුවට විසඳුම් ලබා දුන්නා.‌මෙම වැටුප්  වැඩි කිරීමෙන් අනෙක් රාජ්‍ය සේවකයන්ගේ වැටුප් විෂමතාවයක් ඇති වෙනවා. මේ සම්බන්ධයෙන් වාර්තා සකස් කර අමාත්‍ය මණ්ඩල සංදේශය ඉදිරිපත් කිරීම සඳහා අවශ්‍ය කටයුතු සිදුවෙමින් තිබෙනවා සමස්ත රාජ්‍ය සේවකයින්ගේ වැටුප මෙම වසරේ වැඩි කලා. එම නිසා මෙම වසරේ එය ක්‍රියාත්මක කරන්න බැරි වුණා. අදියරයෙන් අදියර මෙම කටයුතු සිදු කිරීමට කටයුතු කරනවා.  මෙවැනි කටයුතු නිසා දරුවන්ගේ අධ්‍යාපනය කඩා කප්පල් කරන්න බැහැ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya