මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අධිකරණයේ විභාග වන නඩු විභාගය අවසන් කර සංවර්ධන නිලධාරින් ගුරු සේවයට බඳවා ගැනීමට අවසර ලැබුණොත් ගුරු හිගය පියවීමට හැකියාව ලැබෙනවා - අධ්‍යාපන ඇමති

    අප්‍රේල් 25, 2024

    අධිකරණයේ විභාග වන නඩු විභාගය අවසන් කර සංවර්ධන නිලධාරින් ගුරු සේවයට බඳවා ගැනීමට අවසර ලැබුණොත් සියලුම ගුරු හිගය පියවීමට හැකියාව ලැබෙන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා අද (25)පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

    විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා යොමුකළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අධ්‍යාපන අමාත්‍යවරයා මේ බව පැවසීය.

    සංවර්ධන නිලධාරින් 33 දෙනෙක් මූලික අයිතිවාසිකම් පිළිබඳ පෙත්සමක් යොමු කළ නිසා ගුරුවරු 22,000ක් බඳවා ගැනීමට තිබූ අවස්ථාව අහිමි වී ගොස් ඇති බවත් මේ වන විට එම පෙත්සම ඉදිරිපත් කර මාස 14ක් ගත් වී ඇති බවත් අද වන තුරු එම විභාගය පවත්වා ගත නොහැකි වී ඇතැයි අධ්‍යාපන අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    එළඹෙන පක්ෂ නායක රැස්වීමේදී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළ යුතු බව  විපක්ෂයේ ප්‍රධාන සංවිදායක ලක්ෂ්මන් කිරි ඇල්ල මහතාද මෙහිදී අදහස් දක්වමින් පැවසීය.

    දැනට පළාත් මට්ටමින් ගුරුවරු 15,000ක් බදවා ගැනීමට අවසර ලබා දී ඇතැයිද කීය. බස්නාහිර පළාතේ මේ වන විට එම ගුරු පුරප්පාඩු පුරවන බවද  අනෙක් පළාත්වලද අවශ්‍ය බඳවා ගැනීම් සිදුකරන බව අධ්‍යාපන අමාත්‍යවරයා වැඩිදුරටත් පැහැදිළි කළේය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya