අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නිල්ගල ජෛව විවිධත්වයට හානිවන කිසිවක් සිදු කරන්නේ නෑ

    ජූලි 25, 2014

    නිල්ගල රක්ෂිත වනාන්තරයේ පැවැත්මට හා ජෛව විවිධත්වයට හානි කර කිසිදු ක්‍රියාවක් සිදු නොකරන බව පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා බවසයි.


    අමාත්‍යවරයා මේ බව පැවසුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා විසින් වාචික පිළිතුරු අපේක්ෂාවන් අද (25) පාර්ලිමේන්තුවේදී අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.


    නිල්ගල වනාන්තරයේ පිහිටි බෝගල්ල වැවෙහි බැම්ම කැඩීයාම නිසා අවතැන් වූ ජනතාව නැවත පදිංචි කිරීම සඳහා ඉඩම් හෙක්ටයාර් 202ක් එනම් අක්කර 105ක් ඉල්ලා 2008 ජූනි මස ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලය වෙත ඉල්ලීමක් ඉදිරිපත් කළේය. මේ පිළිබඳ ව වන සංරක්ෂණ නිලධාරීන් ද අඅනුමත කර ඇත. මේ පිළිබඳ ව දිස්ත්‍රික්කයේ ඉඩම් පරීක්ෂණ කමිටුවේ අනුමැතියද ලැබී ඇතැයි ඔහු පෙන්වා දුන්නේය.


    මේ වන විට මේ ඉඩම් නිදහස් කර හෝ කැලය එළි කර නැත. ජෛව විවිධත්වයට මින් හානියක් නො වේ. අද ඔවුන් කරන ඉල්ලීම මෙයට සම්බන්ධයි. මේ ඉඩම් කිසිවක් අලුත් අයට නොදෙන බව ද අමාත්‍යවරයා අවධාරණය කළේය.


    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya