අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් වැඳපුදාගනී

    ජූලි 25, 2014
    ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අද (25) උදෑසන අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් වැඳ පුදාගෙන ආශිර්වාද ලබා ගත්තේය.
     
    අනතුරුව අටමස්ථානාධිපති අති පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නායක හිමිපාණන්වහන්සේ බැහැ දුටු ජනාධිපතිතුමා උන්වහන්සේගේ ද සුවදුක් විමසමින් කෙටි පිළිසඳරක නිරත විය. උන්වහන්සේ මෙහිදී සෙත් පිරිත් සජ්ඣායනා කරමින් ජනාධිපතිතුමන් වෙත ආශිර්වාද පළ කළහ.
     
    ජනාධිපති ආර්යා ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ මැතිණිය, අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන, උතුරු මැද පළාත් ආණ්ඩුකාර කරුණාරත්න දිවුල්ගනේ, උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත් මහත්වරු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
     
    DB
     
    HE MAHINDA RAJAPAKSA SRIMAHA BOODIYA 1
     
     
    HE MAHINDA RAJAPAKSA SRIMAHA BOODIYA 2

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya