අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රුවන්වැලි සෑ කප්රුක පූජාව ජනපති ප්‍රධානත්වයෙන්

    ජූලි 25, 2014
    ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ඇතුළු පවුලේ සැමගේ දායකත්වයෙන් විශේෂ කප්රුක පූජාවක් ඊයේ (24) පස්වරුවේ ඓතිහාසික රුවන්වැලි මහා සෑය අභියසදී පැවැත්විණි.
     
    එමෙන්ම ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ඇතුළු පවුලේ සැමගේ දායකත්වයෙන් මහා සංඝරත්නය විෂයෙහි හීල් දානමය පිංකමක් ද අද (25) උදෑසන රුවන්වැලි මහා සෑය අභියස දී පැවැත්විණි.
     
    රුවන්වැලි මහා සෑය විහාරාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන නායක හිමිපාණන් වහන්සේ විසින් එහිදී ආගමික වතාවත් සිදු කර ජනාධිපතිතුමන් වෙත ආශිර්වාද පළ කළහ.
     
    ජනාධිපති ආර්යා ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ මැතිණිය, කථානායක චමල් රාජපක්ෂ, අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන, උතුරු මැද පළාත් ආණ්ඩුකාර කරුණාරත්න දිවුල්ගනේ, උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත්, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධනී ගාමිණි සෙනරත් මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
     
    DB
     
    HE KAPRUK POOJA 1
     
     
    HE KAPRUK POOJA 2
     
    HE KAPRUK POOJA 3
     
    HE KAPRUK POOJA 4
     
    HE KAPRUK POOJA 5

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya