මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ග්‍රාමීය මට්ටමින් දැව සුරැකුම් කමිටු

    ජූලි 25, 2014

    අනවසර දැව හෙළීම වැළැක්වීම සඳහා ජනතා සහභාගිත්වයෙන් රාජ්‍ය අංශය ග්‍රාමීය වසම් මට්ටමින් දැව සුරැකුම් කමිටු පිහිටුවීමට කටයුතු කර ඇතැයි පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.


    අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (25) පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා විසින් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු වශයෙනි.


    වන සුරැකුම් කමිටු පිහිටුවීම අනුරාධපුරයෙන් අරඹා ඇත. පාසල් සිසුන්, ග්‍රාමීය ජනතාව, විදුහල්පතිවරුන්, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එක්ව මෙය ක්‍රියාත්මකයි. වනය ආශ්‍රිත සෑම දිස්ත්‍රික්කයක ම වන සුරැකුම් කමිටු පිහිටුවීමට පියවර ගන්නා බවත් මේ පිළිබඳ අදාළ පුද්ගලයන් සමඟ සාකච්ඡා කර දැනුවත් කිරීම් සිදු කළ බවත් ඔහු කීය.


    ගස් කැපීම පිළිබඳ තොරතුරු කඩිනමින් තම අමාත්‍යාංශයට හෝ පොලිසියට දැනුම්දීම සඳහා කටයුතු කරන ලෙස ද ඔහු කීය. මේ සඳහා වෙනම වැටලීම් අංශ කිහිපයක් ඇති කළා. පොලිස්පති දැනුවත් කරමින් රාජ්‍ය ආක්ෂාව හා සාමය පිළිබඳ අමාත්‍යාංශය එක්ව මේ ක්‍රියාමාර්ගය ගත්තා. දිවයින පුරා මේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට මන්ත්‍රීවරුන්ගේ මූලිකත්වයෙන් පියවර ගෙන ඇත. මීට අමතරව වනජීවී දෙපාර්තමේන්තුව සම්බන්ධ කර ගනිමින් විනාශ වී යන ජීවී විශේෂ ගැන අධීක්ෂණය කර ගෙන යන බවත් ඒ අය දැනුවත් කර ඉදිරියේදී වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.


    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya