අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විස්සයි විස්ස ශ්‍රව්‍යාබාධිත ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ලෝක ශුරතාවය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමට ජනපතිගෙන් සුබ පැතුම්

    දෙසැම්බර් 15, 2018
    විස්සයි විස්ස ශ්‍රව්‍යාබාධිත ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ  ලෝක ශුරතාවය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම   (14) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන  මැතිතුමා හමු විය.
     
    පළමු වතාවට සංවිධානය කරනු ලැබූ මෙම තරගාවලිය පසුගියදා ඉන්දියාවේ දිල්ලි නුවර දී පැවැත්විණි. ශ්‍රී ලංකා කී්‍රඩකයන්ගේ දක්ෂතා අගය කළ ජනාධිපතිතුමා ඔවුන්ට සිය සුභපැතුම් පිළිගැන්වූ අතර තරගාවලියට සහභාගීවීමට පෙර ජනාධිපතිතුමා විසින් එම කි්‍රකට් කණ්ඩායමට මුල්‍ය පරිත්‍යාගයක් සිදු කිරීමට ද කටයුතු කර තිබිණි.
     
    ශ්‍රී ලංකා ශ්‍රව්‍යාබාධිත ක්‍රිකට් සංගමයේ සභාපතිනි අනුලා රංජනී, පුහුණුකරුවන් වන ජයලත් අපොන්සු, තුෂාන්ත ගුණරත්න යන මහත්ම මහත්මීන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ. 

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya