අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දැන් කරන්න තියෙන්නේ,රටේ සාමාන්‍ය තත්ත්වය ඇති කර, රටේ සංවර්ධනය යළි ලබා දෙන්නයි- අගමැති

    දෙසැම්බර් 16, 2018

    ''දැන් කරන්න තියෙන්නේ, රටේ සාමාන්‍ය තත්ත්වය ඇති කර රටේ සංවර්ධනය යළි ලබා දෙන්නයි. මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය රකිමින් ප්‍රජාතන්ත්‍ර විරෝධී පියවරවලට මුහුණ දුන්නා.ව්‍යවස්ථාව අර්ථ නිරූපණය කරලා, ඒ අර්ථනිරූපනය තුළින් මේ රටේ ජනතාවගේ නිදහස තවත් තහවුරු කළා'' යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි.

    රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යධූරයේ දිවුරුම් දීමෙන් අනතුරුව අද (16) අරලියගහ මන්දිරයේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් මෙසේ ප්‍රකාශ කළේ ය.

    විශේෂ ප්‍රකාශයක් කරමින් අග්‍රාමාත්‍යවරයා මෙසේ ද පැවසීය...

    දැන් මම අගමැතිකමේ වැඩකටයුතු බාරගන්නවා. දෙවනුව තිබෙන්නේ ඇමැති මණ්ඩලය නම් කරන්න. මේ සතියේ කීපයතුළදී මේ රටේ ඉදිරිගමන සංවර්ධනය නැවතුනා.එපමණක් නෙවෙයි ඇත්තවශයෙන් ම පසුගාමී තත්ත්වයකට මේ රට වැටුණා. දැන් කරන්න තියෙන්නේ, රටේ සාමාන්‍ය තත්ත්වය ඇති කරලා, රටේ සංවර්ධනය යළි ලබා දෙන්නයි. ගිය අවුරුදු තුන තුළ දී අප එදා භාර ගත් රටේ ආර්ථික සමාජ තත්ත්වය යළිත් නිවැරැදි කරන්නට මේ රටේ ජනතාවට දුක් විදින්න සිදු වුණා.

    එහි ප්‍රතිඵල ලබා දෙන්නට අපි ලෑස්ති වූ අවස්ථාවේ තමයි, මේ අර්බුදය ඇති වුණේ. කෙසේ හෝ මීට වඩා හොඳ තත්ත්වයක් ආර්ථික වශයෙන් සමාජීය වශ්යෙන් ලබා දෙනවා කියලා, මම මෙතන දී ප්‍රකාශ කරන්න කැමතියි.

    ඒ සමඟම මේ රටේ පාර්ලිමේන්තුවත් ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු අධිකරණත් විශේෂයෙන් ම තමන්ගේ වැඩකටයුතු නිතිය අනුව ඉටු කිරීම ගැන අපට ආඩම්බර වෙන්න පුළුවන්. පාර්ලිමේන්තුව කෙළින් ම තමන් ගත යුතු තීරණ අරගෙන කතානායක කරූ ජයසූරිය මතිතුමාගේ ප්‍රධනත්වයෙන් මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය රකිමින් ප්‍රජාතන්ත්‍ර විරෝධී පියවරවලට මුහුණ දුන්නා.

    ඒවගේම ව්‍යවස්ථාව අර්ථ නිරූපණය කරලා, ඒ අර්ථනිරූපනය තුළින් මේ රටේ ජනතාවගේ නිදහස තවත් තහවුරු කළා. අපට ඕනෑ සාමාන්‍ය ජීවිතයක් ගෙනයන්න.අපට ඕනෑ අපේ දියුණුව. ඒකට තමයි අප ඔක්කොම කැප වී තිබෙන්නේ. නමුත් මේ අවස්ථාවේදී මේ ශලාවට පැමිණිලා,කොළඹට පැමිණිලා, අනිත් නගරවලට පැමිණිලා,සමාජ වෙබ් අඩවි ඇතුළු අනෙක් සෑම එකකින් ම ප්‍රජාතන්ත්‍රවාදය ඕනෑ කියලා, විශාල සංඛ්‍යාවක් ප්‍රකාශ කළා. ඒ සියලු දෙනාටම ස්තූතියි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya