අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වර්ජනය අවසන් කර සේවයට වාර්තා කරන ලෙස ජනපති වතු කම්කරු වෘත්තීය සමිතිවලින් ඉල්ලයි

    දෙසැම්බර් 13, 2018

    වතු කම්කරුවන්ගේ වැටුප් ගැටලුව පිළිබඳ අදාළ සමාගම් සමග සාකච්ඡා කර එකඟතාවකට එළැඹෙන තෙක් වර්ජනය නතර කර සේවයට වාර්තා කරන ලෙස ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වර්ජනයේ නිරත සියලු වතු කම්කරුවන්ගෙන් ඉල්ලයි.

    දැනට උද්ගත වී ඇති වතුකරයේ වැඩවර්ජනය හා වතු කම්කරුවන්ගේ වැටුප් වැඩිකිරීම් පිළිබඳ සාකච්ඡා කිරීමට එම වෘත්තීය සමිති නියෝජිතයන් සමග පැවති හමුවක දී ජනාධිපතිතුමා මෙම ඉල්ලීම සිදු කළේය.

    වතු කම්කරුවන්ට සාධාරණ වැටුපක් හිමි විය යුතු බව තමා විශ්වාස කරන අතර, ඒ හා සමගාමීව තේ කර්මාන්තයේ උන්නතිය වෙනුවෙන් ද අවශ්‍ය පියවරගත යුතු බව ජනාධිපතිතුමා මෙහි දී වැඩිදුරටත් සඳහන් කළේය.

    වතු කම්කරුවන්ගේ වැටුප් ගැටලුව පිළිබඳව වතු සමාගම් සමග සාකච්ඡාවක් ලබන 19 වනදා කැඳවීමට ද ජනාධිපතිතුමා තීරණය කර තිබේ.

    පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ආරුමුගම් තොණ්ඩමන්, මහින්දානන්ද අලුගමගේ යන මහත්වරුන් ද මෙම හමුවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya