අද සිට 16 වනදා දක්වා පෙ.ව 9.00 සිට රාත්‍රි 9.00 දක්වා මෙම ප්‍රදර්ශනය මහජනතාව සඳහා නොමිලේ පැවැත්වෙන අතර ප්‍රදර්ශන කුටි, ආහාර අලෙවිසැල්, පලතුරු හා එළවළු අලෙවිසැල් ආදි අංශ ගණනාවකින් මෙය සමන්විත වේ.
දේශීය මෙන්ම විදේශීය කෘෂිකාර්මික අංශ නියෝජනය කරමින් ආයතන රැසක් මෙම ප්‍රදර්ශනයට එක්ව සිටින අතර, කෘෂිකර්මාන්තයේ සංවර්ධනය උදෙසා භාවිත කෙරෙන නවීන කෘෂිකාර්මික තාක්ෂණ ක්‍රම ශ්‍රී ලංකා ගොවි ජනතාවට හඳුන්වා දීමත්, අප රටේ නිපදවන එළවළු පලතුරු වැනි බෝග සඳහා ජාත්‍යන්තර වෙළෙඳපොළේ ඉහළ ඉල්ලුමක් ඇති කිරීමත් මෙම ප්‍රදර්ශනයේ අරමුණයි.
ජනාධිපතිතුමා ප්‍රදර්ශනය නැරඹීමට ද එක් වූ අතර කාර්ය මණ්ඩල සමඟ සුහද කතා බහක නිරත විය.