අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොළඹ වරායේ රසායනික ද්‍රව්‍ය බහාලුමක් පිපිරීමෙන් ඇති වූ ගින්න නිවා දැමීම සඳහා නාවික හමුදාව සහාය වෙයි

    ඔක්තෝබර් 27, 2018

    ශ්‍රී ලංකා නාවික හමුදාවේ රාජකාරී නියුතු ජ්‍යේෂ්ඨ නාවිකයින් 100 දෙනෙකු සඳහා රුපියල් ලක්ෂ පහක‍් (5) බැගින් වූ පොලි රහිත ණය මුදල් ලබා දීම අද දින (ඔක්තෝබර් 26) නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් නාවික හමුදාධිපති තුමාගේ කාර්යාලයේදී සිදු කෙරුණි. ඒ සදහා රුපියල් මිලියන 50.0 ක මුදලක් නාවික සහන පදනම මගින් ලබාදෙන ලදි.

    මෙම අවස්ථාව සඳහා නාවික හමුදාධිපතිගේ ලේකම් කපිතාන් (සැ) අචල ද සිල්වා සහ අරමුදල් කළමණාකරු ලුතිනන් කොමාණ්ඩර් (ස්වේ) කේඑම් දයානන්ද යන මහත්වරුන්ද සහභාගී වීය.

    නාවික හමුදාවේ දිර්ඝ කාලයක් සේවය කර ඇති ජ්‍යේෂ්ඨ නාවිකයින්ගේ සේවය අගය කරනු වස් මෙම පොලී රහිත ණය මුදල ප්‍රදානය කිරීම ආරම්භ කරන ලදී. මේ වන විට ජ්‍යේෂ්ඨ නාවිකයින් 1728 දෙනෙකු සඳහා මෙම ණය මුදල ලබා දීමට නාවික සහන පදනම කටයුතු කොට ඇත. ඉදිරි කාල සීමාව තුළදී, තවත් ජ්‍යේෂ්ඨ නාවිකයන් 3239 දෙනෙකු සඳහා මෙම සහන ණය මුදල ලබා දීමට කටයුතු කරමින් පවතී.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya