අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජපානයේ සීබා ප්‍රාන්තයේ සම්මු නගර සභාවේ නගරාධිපති ඇතුථ නියෝජිත පිරිස ජනපති හමු වෙයි

    ඔක්තෝබර් 28, 2018
    ජපානයේ දී 2020 වසරේ පැවැත්වෙන ඔලිම්පික් ක්‍රීඩා  උළෙලට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම සහ දූත පිරිස වෙනුවෙන් අනුග්‍රහය දැක්වීමට ජපානයේ සීබා ප්‍රාන්තයේ සම්මු නගර සභාව ඉදිරිපත්ව සිටි.
    ඊට සහභාගිවන ශ්‍රී ලාංකික කි්‍රඩකයින්ට අවශ්‍ය මූලික පහසුකම් සැපයීමට මෙන්ම ඔවුන්ගේ පුහුණු කටයුතු සදහා වෙනම කී්‍රඩාංගණයක් සකස් කිරීමට ද පියවර ගෙන තිබේ. එමෙන්ම ජපාන ජනතාව අතර ශ්‍රී ලංකාවේ සංස්කෘතිය සහ ඉතිහාසය පිළිබද අවබෝධයක් ලබාදීමේ වැඩසටහන් ද කි්‍රයාත්මක ය. මෙම අනුග්‍රහය පිළිබද ගිවිසුමකට ද ක්‍රීඩා අමාත්‍යාංශය සහ සම්මු නගර සභාව අතර අත්සත් තබා තිබේ.
     ජනාධිපති නිල නිවසේදී ජනාධිපති ගරු  මෛත්‍රීපාල සිරිසේන  මැතිතුමා හමු වූ සම්මු නගර සභාවේ නගරාධිපති  Matsushita Hiroaki මහතා ඇතුථ නියෝජිතයින් මෙම අනුග්‍රහය පිළිබද නිල වශයෙන් ජනාධිපතිතුමා දැනුවත් කළේ ය. 
    ශ්‍රී ජයවර්ධනපුර සංඝනායක, ඇතුල්කෝට්ටේ මහින්දාරාමාධිපති, ශ්‍රී ලංකා නිපෝන් අධ්‍යාපනික හා සංස්කෘතික කේන්ද්‍රයේ මහ ලේකම් පූජ්‍ය මීගහවත්තේ චන්ද්‍රසිරි නායක හිමිපාණන් වහන්සේ සහ දකුණු පළාත් ප්‍රධාන සංඝානයක ඇල්පිටිය විහාරමහා දේවි පරිවෙනාධිපති ශ්‍රී ලංකා නිපෝන් අධ්‍යාපනික හා සංස්කෘතික කේන්ද්‍රයේ නියෝජ්‍ය ලේකම් පූජ්‍ය වැලිපිටියේ සීවලි නායක ස්වාමින් වහන්සේ ද ජාතික ඔලිම්පික් කමිටුවේ ලේකම් මැක්ස්වල් ද සිල්වා මහතා ඇතුථ නිලධාරින් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
    ඡායාරූප : චන්දන පෙරේරා - ජනාධිපති මාධ්‍ය අංශය )

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya