අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කිසි ලෙසකින් රාජ්‍ය බැංකු අස්ථාවර වී නෑ- නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා

    ඔක්තෝබර් 25, 2018

    කිසි ලෙසකින් රාජ්‍ය බැංකු අස්ථාවර වී නොමැති බවත් ලංකා බැංකුව, මහජන බැංකුව, ආයෝජන මණ්ඩලය ප්‍රතිසංවිධානය කිරීම අරඹා තිබෙන බවත් රාජ්‍ය ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.

    රාජ්‍ය බැංකුවට අලුතින් නිලධාරීන් බඳවාගනු ලැබුවේද? සෘජු විදේශ ආයෝජන ගැනීමේ ආයෝජන මණ්ඩලය ජනාධිපති නියමය පරිදි නව අධ්‍යක්ෂ මණ්ඩලයක් පත් කරනු ලැබුවේ ද? යන්න පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මේ බව අද (25) පාර්ලිමේන්තුවේ දී පැවසී ය.

    කිසි ලෙසකින් රජ්‍ය බැංකු දෙක අස්ථාවර වී නෑ. කිසිම සෘජු විදේශ ආයෝජනයක් එළියට ගලාගෙන ගොස් නෑ.  ලංකා බැංකුව, මහජන බැංකුව, ආයෝජන මණ්ඩලය ප්‍රතිසංවිධානය  කිරීම අරඹා ඇත. නව අධ්‍යක්ෂ මණ්ඩල පත් කිරීම පිළිබඳව අවධානය යොමු වී තිබෙනවා. මහජන බැංකුවට සභාපතිවරයෙක් පත් කරමින් තිබෙනවා.  ලංකා බැංකුව, මහජන බැංකුව කිසිම අස්ථාවර තත්ත්වයක නෑ. ලංකාවේ වැඩිම විදෙස් ආයෝජන ලැබුණේ වසර 2017 දී. බිලියන 2.5ක් සෘජු විදෙස් ආයෝජන ලබාගැනීමට බලාපොරොත්තු වෙනවා. '' තනි කවුලව'' ආයෝජන පහසුකම් ලබාදීම සඳහා  කාර්යසාධක බලකායක් ක්‍රියාත්මක කරනවා. ඒ සඳහා ආයතන 24 බද්ධ වූ ක්‍රමවේදයක් සකස් කිරීමට කටයුතු  කෙරෙනවා. සංචාරක, තොරතුරු තාක්ෂණය, සෞඛ්‍ය ආදී සේවා සඳහා ආයෝජන ප්‍රවර්ධනය කිරීමට වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි මහජන බැංකුවේ සහ ලංකා බැංකුව ප්‍රතිසංවිධානය කෙරෙනවා යැයි ද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවැසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya